AFC Banner
Empty Ad
Empty Ad

රට දියුණු කිරීමට ජනපතිගෙන් ප්‍රධාන සැලසුම් පහක්

ප්‍රධාන සැලසුම් පහක් මූලික කර ගනිමින් රට දියුණු කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජය තහවුරු කිරීමේ ජනරැළි මාලාවේ අද (31) දහවල් බණ්ඩාරවෙල නගරයේ දී පැවති ජන රැළියේ දී ජනාධිපතිවරයා මේ බව පැවසුවා.

බදු බර අඩු කිරීම, රැකියා ලබාදීම, ජීවන බර සැහැල්ලු කිරීම, ආර්ථික ප්‍රවර්ධනයෙන් අපනයන ආර්ථිකයක් ඇති කිරීම මෙන්ම උරුමය, අස්වැසුම වැඩසටහන් මගින් අයිතිය ලබාදීම තම මූලික සැලසුම් බවයි එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ.

රටේ ආර්ථිකය ක්‍රමයෙන් යහපත් කරමින් මහජනතාවට හැකි තරම් සහන ලබාදෙන බව ජනාධිපතිවරයා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළා.

ඩී.එස්.සේනානායක ඇරැඹූ එක්සත් ජාතික පක්ෂය තමන් නියෝජනය කරන බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම පක්ෂය කඩා දැමුව ද, ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා මෙන් ආර්ථිකය භාරගෙන තමන් කඩා වැටුණු ආර්ථිකය වසර දෙකක් තුළ ආපහු හැරවීමට කටයුතු කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?