රට දියුණු කිරීමට ජනපතිගෙන් ප්‍රධාන සැලසුම් පහක්

ප්‍රධාන සැලසුම් පහක් මූලික කර ගනිමින් රට දියුණු කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජය තහවුරු කිරීමේ ජනරැළි මාලාවේ අද (31) දහවල් බණ්ඩාරවෙල නගරයේ දී පැවති ජන රැළියේ දී ජනාධිපතිවරයා මේ බව පැවසුවා.

බදු බර අඩු කිරීම, රැකියා ලබාදීම, ජීවන බර සැහැල්ලු කිරීම, ආර්ථික ප්‍රවර්ධනයෙන් අපනයන ආර්ථිකයක් ඇති කිරීම මෙන්ම උරුමය, අස්වැසුම වැඩසටහන් මගින් අයිතිය ලබාදීම තම මූලික සැලසුම් බවයි එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ.

රටේ ආර්ථිකය ක්‍රමයෙන් යහපත් කරමින් මහජනතාවට හැකි තරම් සහන ලබාදෙන බව ජනාධිපතිවරයා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළා.

ඩී.එස්.සේනානායක ඇරැඹූ එක්සත් ජාතික පක්ෂය තමන් නියෝජනය කරන බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම පක්ෂය කඩා දැමුව ද, ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා මෙන් ආර්ථිකය භාරගෙන තමන් කඩා වැටුණු ආර්ථිකය වසර දෙකක් තුළ ආපහු හැරවීමට කටයුතු කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
ඔබේ අනාගතය විනාශ කරපු මිනිස්සුන්ගෙන් අපි තමයි මේ රට බේරාගත්තේ
03:43
Video thumbnail
ජනාධිපතිතුමා නිකවැරටිය අමතන්න ගැම්මෙන් වේදිකාවට ගොඩවෙයි
01:55
Video thumbnail
අවුරුදු 2න් ඔක්කොම කරන්න බෑ - අපි ආණ්ඩුව ගත්තේ අවුරුදු 5කට
11:41
Video thumbnail
ජනතාව බයවෙලා අනවශ්‍ය ලෙස තෙල් ගන්න එපා - ඇතිවෙන්න දෙන්නේ නෑ
07:04
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43