AFC Banner
Empty Ad
Empty Ad

ජාතික ජන බලවේගයේ පරිසර ප්‍රතිපත්තිය එළිදකී (වීඩියෝ)

මෙරට ඇති වැව් දාහතර දහසෙන් වැව් 12,000කට වැඩි ප්‍රමාණයක් දැඩි අනතුරකට මුහුණ දී ඇති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ ජාතික ජන බලවේගයේ පරිසර ප්‍රතිපත්තිය එළිදැක්වීමේ අවස්ථාවට අද (31) පෙරවරුවේ එක්වෙමින්.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් තුළ වැව් පද්ධතිය යළි ප්‍රතිස්ථාපිත කිරීමේ වැඩ පිළිවෙලක් ඇති බව ද ඔහු මෙහිදී සඳහන් කළා.

මේ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ රටේ පරිසර පද්ධතිය ආරක්ෂා කරගැනීම සඳහා පොදුජනයාගේ සහයෝගය අත්‍යවශ්‍ය බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?