තලවකැලේ තේ පර්යේෂණ ආයතනයට වසර 100 ක්

තලවකැලේ තේ පර්යේෂණ ආයතනයට වසර 100ක් සපිරීම නිමිත්තෙන් තේ පර්යේෂණ ආයතන සිදුකළ සේවාවන් පිළිබඳව කුඩා තේ වතු හිමියන් සහ පෞද්ගලික තේ වතු සමාගම්වල පාලන අධිකාරිය දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (30) පැවැත්වුණා.

මෙරට තේ කර්මාන්තය සාර්ථකව ඉදිරියට පත්වාගෙන යාමට තලවකැලේ තේ පර්යේෂණ ආයතන විසින් ගත වු වසර 100 කාලයක් සිදු කළ මෙහෙය සහ ඉදිරියේ දී එම ආයතන විසින් සිදුකිරීමට සැලසුම් කර ඇති සේවාවන් පිළිබඳව මෙහි දී දැනුවත් කෙරුණා.

තලවකැලේ තේ පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක අචාර්ය එම්.ඒ.බි.රණතුංග සහ තේ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයින් විසින් මෙම සම්මන්ත්‍රණය පැවැත්වුණා.

මෙම සම්මන්ත්‍රණයට සමගාමීව තේ පර්යේෂණ ආයතනයේ නිල යූ ටියුබ් නාළිකාවක් ද එළි දක්වනු ලැබුවා.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන තේ නිසි ප්‍රමිතියකින් යුතුව නිෂ්පාදනය කරන ආකාරය සම්බන්ධයෙන් මෙම සම්මන්ත්‍රණයේ දී පැමිණි සිටි පිරිස දැනුවත් කළ අතර, වගාවට වර්තමානයේ පැන නැගී ඇති ගැටළුවලට විසඳුම් ලබාදීම ද මෙම සම්මන්ත්‍රණයට සමගාමීව සිදු කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47