මැතිවරණ රාජකාරීවලට රාජ්‍ය නිලධාරීන් 1000 කට අධික පිරිසක් කොළඹින් පිට පළාත්වලට

එළඹෙන ජනාධිපතිවරණයේ දී රාජ්‍ය නිලධාරීන් 1000 කට අධික පිරිසක් කොළඹින් පිට පළාත්වලට යොමු කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.

ප්‍රධාන ගණන් කිරීමේ නිලධාරීන් සහ සහකාර ‍තේරීම් භාර නිලධාරීන් ලෙස ඔවුන්ව මෙලෙස කොළඹින් පිට පළාත්වලට යොමු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ දිනවල ඔවුන්ට අවශ්‍ය පුහුණුවීම් ලබාදීම ‍සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

මේ අතර දිවයින පුරා මැතිවරණ රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 54,000කට ආසන්න පිරිසක් අනුයුක්ත කිරීමට නියමිත බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මැතිවරණ පොලිස්පතිවරයා සඳහන් කළා.

එමෙන්ම මැතිවරණ කාලසීමාව තුළ සැළකිය යුතු පොලිස් ආරක්ෂාවට අමතරව ජංගම මුර සංචාර 3,200ක් පමණ යෙදවීමට කටයුතු කරන බවයි පොලිසිය පැවසුවේ.

නීතිවිරෝධී පෝස්ටර් කටවුට් ප්‍රචාරක දැන්වීම් ඉවත් කිරීම සඳහා විශේෂ කාර්ය මණ්ඩලය 1,500 ක් පමණ පොලිසියට බඳවා ගෙන තිබෙනවා.

මේ වනවිට නීතිවිරෝධී පෝස්ටර් සහ කටවුට් 169,358ක් පමණ ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ජනාධිපති අපේක්ෂකයින් සෘජුවම ආරක්ෂා කිරීම සඳහා නිලධාරීන් 260 කට අධික පිරිසක් යොදවා ඇති බැවින් ආරක්ෂක විධිවිධාන තවදුරටත් තර කර ඇති බව පොලිසිය දැනුම් දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14