AFC Banner
Empty Ad
Empty Ad

ක්ලබ් වසන්තගේ ඝාතනයට ‘බහිරවයා’ හා ‘පොඩි බලයා’ අත්අඩංගුවට

පසුගිය 08 වැනිදා අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයක දී ඝාතනයට ලක් වූ ක්ලබ් වසන්ත ඝාතනයට පැමිණි දෙවැනි වෙඩික්කරු සහ ඊට සහාය දුන් අයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (28) රාත්‍රියේ දී මෙම සැකකරුවන් ව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත් අඩංගුවට ගනු ලැබූ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

ගාල්ල – නාගොඩ සහ අහුංගල්ල ප්‍රදේශයේ පදිංචි 29 සහ 32 වියැති දෙදෙනකු මෙලෙස ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියට අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මුතුවාදුර චරින්දු මදුශංක ද සිල්වා නොහොත් බහිරවයා නමැති අයෙක් සහ වෙඩි තැබීම සිදු කළ මහදුර සජිත් ශ්‍රියන්ත ද සිල්වා, නෙහොත් පොඩි බලයා යන සැකකරුවන් අත්අඩංගුවට ගත් අය අතර වනවා.

සැකකරුවන් පානදුර පින්වත්ත ප්‍රදේශයේ රැඳී සිටින බවට පානදුර පොලිසිය විමර්ශන අරඹා; පින්වත්ත බස් නැවතුමේ රැඳී සිටි මෙම සැකකරුවන් ව අත්අඩංගුවට ගැනුණා.

සැකකරුවන් වෙඩිතැබීම සිදු කිරීමෙන් පසු මෝටර් රථයෙන් වෑන් රථයකට මාරු වී කඩවත දක්වා ගමන්කර එහි දී දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මාතර දක්වා ගමන්කර ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවල දී හෙළි ව ඇති බව පොලිසිය පැවසුවා.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා අතුරුගිරිය පොලිසිය වෙත භාරදීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?