ක්ලබ් වසන්තගේ ඝාතනයට ‘බහිරවයා’ හා ‘පොඩි බලයා’ අත්අඩංගුවට

පසුගිය 08 වැනිදා අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයක දී ඝාතනයට ලක් වූ ක්ලබ් වසන්ත ඝාතනයට පැමිණි දෙවැනි වෙඩික්කරු සහ ඊට සහාය දුන් අයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (28) රාත්‍රියේ දී මෙම සැකකරුවන් ව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත් අඩංගුවට ගනු ලැබූ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

ගාල්ල – නාගොඩ සහ අහුංගල්ල ප්‍රදේශයේ පදිංචි 29 සහ 32 වියැති දෙදෙනකු මෙලෙස ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියට අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මුතුවාදුර චරින්දු මදුශංක ද සිල්වා නොහොත් බහිරවයා නමැති අයෙක් සහ වෙඩි තැබීම සිදු කළ මහදුර සජිත් ශ්‍රියන්ත ද සිල්වා, නෙහොත් පොඩි බලයා යන සැකකරුවන් අත්අඩංගුවට ගත් අය අතර වනවා.

සැකකරුවන් පානදුර පින්වත්ත ප්‍රදේශයේ රැඳී සිටින බවට පානදුර පොලිසිය විමර්ශන අරඹා; පින්වත්ත බස් නැවතුමේ රැඳී සිටි මෙම සැකකරුවන් ව අත්අඩංගුවට ගැනුණා.

සැකකරුවන් වෙඩිතැබීම සිදු කිරීමෙන් පසු මෝටර් රථයෙන් වෑන් රථයකට මාරු වී කඩවත දක්වා ගමන්කර එහි දී දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මාතර දක්වා ගමන්කර ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවල දී හෙළි ව ඇති බව පොලිසිය පැවසුවා.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා අතුරුගිරිය පොලිසිය වෙත භාරදීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00