ජනපතිට එරෙහිව ගොනු වූ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි

සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස නීතිඥ ආර්.එස්.පී. රණසුරිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අද (28) ඒ පෙත්සම විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය නඩු ගාස්තු වශයෙන් රුපියල් 50,000 ක් ගෙවන ලෙස ද පෙත්සම්කරුට නියෝග කළා.

එම පෙත්සම ගාමිණි අමරසේකර , ඒ.එච්.එම් නවාස්, ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි මෙම තීරණය ගනු ලැබුවේ.

පෙත්සම කැඳවු අවස්ථාවේ දී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉල්ලා සිටියේ පෙත්සම ඉල්ලා අස් කරගැනීමට අවසර දෙන ලෙසයි.

ඊට විරුද්ධත්වය පෑ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය අතිරේක ජනරාල් නෙරින් පුල්ලේ මහතා කියා සිටියේ වැරදිසහගත ලෙස ඉදිරිපත් කරන ලද පෙත්සම්ක් බැවින් ඊට අවසර නොදෙන ලෙසයි.

එහිදි විනිසුරු එ.එච්.එම් නවාස් මහතා නීතිඥවරයෙකු වන පෙත්සම්කරු මෙවැනි දෝෂසහගත පෙත්සමක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් දෝෂාරෝපණය කළා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ පෙත්සම්කරු අධිකරණයට සාවද්‍ය ලෙස කරුණු ඉදිරිපත් කර ඇති බවටත්, අයදුම්පත්‍රය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 92 වැනි වගන්තිය උල්ලංඝනය කර ඇති බවයි.

කරුණු සලකා බැලු විනිසුරු මඩුල්ල පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරිමට නියෝග කළා.

පෙත්සම්කරු කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වන බැවින් තමන්ට වැඩ බලන පොලිස්පතිවර⁣යකු පත්කළ නොහැකි බව සඳහන් කළ ද අලි සබ්‍රි මහතා අධිකරණ අමාත්‍යවරයා වශයෙන් පත් කිරීම මගින් ජනාධිපතිවරයා චේතනාන්විතවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවයි.

ජනාධිපතිවරයා චේතනාන්විතවම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බැවින් ඔහු ජනාධිපතිවරණ අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වීමට නුසුදුසු බවට පෙත්සම්කරු චෝදනා කර සිටියා.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා නීතිපතිවරයා නම් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?