ජනපතිට එරෙහිව ගොනු වූ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි

සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස නීතිඥ ආර්.එස්.පී. රණසුරිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අද (28) ඒ පෙත්සම විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය නඩු ගාස්තු වශයෙන් රුපියල් 50,000 ක් ගෙවන ලෙස ද පෙත්සම්කරුට නියෝග කළා.

එම පෙත්සම ගාමිණි අමරසේකර , ඒ.එච්.එම් නවාස්, ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි මෙම තීරණය ගනු ලැබුවේ.

පෙත්සම කැඳවු අවස්ථාවේ දී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉල්ලා සිටියේ පෙත්සම ඉල්ලා අස් කරගැනීමට අවසර දෙන ලෙසයි.

ඊට විරුද්ධත්වය පෑ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය අතිරේක ජනරාල් නෙරින් පුල්ලේ මහතා කියා සිටියේ වැරදිසහගත ලෙස ඉදිරිපත් කරන ලද පෙත්සම්ක් බැවින් ඊට අවසර නොදෙන ලෙසයි.

එහිදි විනිසුරු එ.එච්.එම් නවාස් මහතා නීතිඥවරයෙකු වන පෙත්සම්කරු මෙවැනි දෝෂසහගත පෙත්සමක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් දෝෂාරෝපණය කළා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ පෙත්සම්කරු අධිකරණයට සාවද්‍ය ලෙස කරුණු ඉදිරිපත් කර ඇති බවටත්, අයදුම්පත්‍රය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 92 වැනි වගන්තිය උල්ලංඝනය කර ඇති බවයි.

කරුණු සලකා බැලු විනිසුරු මඩුල්ල පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරිමට නියෝග කළා.

පෙත්සම්කරු කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වන බැවින් තමන්ට වැඩ බලන පොලිස්පතිවර⁣යකු පත්කළ නොහැකි බව සඳහන් කළ ද අලි සබ්‍රි මහතා අධිකරණ අමාත්‍යවරයා වශයෙන් පත් කිරීම මගින් ජනාධිපතිවරයා චේතනාන්විතවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවයි.

ජනාධිපතිවරයා චේතනාන්විතවම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බැවින් ඔහු ජනාධිපතිවරණ අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වීමට නුසුදුසු බවට පෙත්සම්කරු චෝදනා කර සිටියා.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා නීතිපතිවරයා නම් කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40