ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ දෙවසරක ඇරඹි වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්න – ජනපති

තමා මෙතෙක් පැමිණි දේශපාලන ගමනේදී මෙරට සමස්ත මහා සංඝරත්නයේ ආශිර්වාදය නිරතුරුව තමාට හිමි වූ බවත්, රටේ සියලු ජනතාව වෙනුවෙන් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා සියලුදෙනා එක් කර ගනිමින් ආරම්භ කර ඇති වැඩපිළිවෙළ සඳහා ද සමස්ත මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා අපේක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

‘පුළුවන් ශ්‍රී ලංකා’ මාධ්‍ය අංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ; ජනාධිපතිවරයා ඊයේ (27) කුරුණෑගල දී පැවති සත්කෝරල මහා සංඝ සමුළුව අමතමින් මේ බව ප්‍රකාශ කළ බවයි.

ජනාධිපතිවරයා රට ජාතිය සහ සම්බුදු සසුන වෙනුවෙන් ඉටු කරන සුවිශාල මෙහෙවර අගයමින් මහා සංඝරත්නය මෙහිදී සෙත් පිරිත් දේශනා කර ජනාධිපතිවරයා වෙත අශිර්වාද පළ කළා.

රටේ දුක් විඳින ජනතාවගේ අයිතිවාසිකම් ලබාදීමට රජය ඉදිරියටත් කැපවන බවට මහා සංඝරත්නය ඉදිරියේ සහතික වූ ජනාධිපතිවරයා තමා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ රට ගොඩගැනීම සඳහා පසුගිය වසර දෙක තුළ ආරම්භ කළ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම වෙනුවෙන් බව ද කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17