ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ දෙවසරක ඇරඹි වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්න – ජනපති

තමා මෙතෙක් පැමිණි දේශපාලන ගමනේදී මෙරට සමස්ත මහා සංඝරත්නයේ ආශිර්වාදය නිරතුරුව තමාට හිමි වූ බවත්, රටේ සියලු ජනතාව වෙනුවෙන් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා සියලුදෙනා එක් කර ගනිමින් ආරම්භ කර ඇති වැඩපිළිවෙළ සඳහා ද සමස්ත මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා අපේක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

‘පුළුවන් ශ්‍රී ලංකා’ මාධ්‍ය අංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ; ජනාධිපතිවරයා ඊයේ (27) කුරුණෑගල දී පැවති සත්කෝරල මහා සංඝ සමුළුව අමතමින් මේ බව ප්‍රකාශ කළ බවයි.

ජනාධිපතිවරයා රට ජාතිය සහ සම්බුදු සසුන වෙනුවෙන් ඉටු කරන සුවිශාල මෙහෙවර අගයමින් මහා සංඝරත්නය මෙහිදී සෙත් පිරිත් දේශනා කර ජනාධිපතිවරයා වෙත අශිර්වාද පළ කළා.

රටේ දුක් විඳින ජනතාවගේ අයිතිවාසිකම් ලබාදීමට රජය ඉදිරියටත් කැපවන බවට මහා සංඝරත්නය ඉදිරියේ සහතික වූ ජනාධිපතිවරයා තමා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ රට ගොඩගැනීම සඳහා පසුගිය වසර දෙක තුළ ආරම්භ කළ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම වෙනුවෙන් බව ද කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?