ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකත්වයෙන් නිරෝෂන් ඉල්ලා අස්වෙයි (නිවේදනය)

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

පක්ෂයේ ලේකම් වාසුදේව නානායක්කාර වෙත ලිපියක් යොමු කරමින් හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ පක්ෂයේ ඇතුළත ඇතැම් සාමාජිකයින්ගේ ක්‍රියාකාරකම් තමන්ගේ ඉවත් වීමට හේතුවක් වූ බවයි.

මෙම පක්ෂයට සම්බන්ධ වී මාසයක පමණ කාලයක් ගත වුව ද, පක්ෂයේ ලේකම් ඇතුළු සෙසු පිරිස ලබාදුන් සහයෝගයට ද සිය ස්තුතිය පුද කරන බව ද නිරෝෂන් ප්‍රේමරත්න මහතා සඳහන් කර තිබෙනවා.

වර්තමාන දේශපාලන තත්ත්වය තුළ අප සාකච්චා කරගත් පරිදි ඉලක්කයන් වෙත ගමන් කිරීම සඳහා කරන ලද බොහෝ සැලසුම් වෙත ඔබ පක්ෂය දැක්වූ කැමැත්තට ද හිටපු මන්ත්‍රී සිය ස්තුතිය පුද කර තිබෙනවා.

නමුත් එම තීරණ ක්‍රියාත්මක කිරීමේ දී පක්ෂයේ සමකාලීන ඇතැම් සහෝදරයන්ගේ අකමැත්ත සහ පසුගාමීත්වය තමන්ගේ ඉල්ලා අස්වීමට හේතුව බව ද නිරෝෂන් ප්‍රේමරත්න වැඩිදුරටත් සඳහන් කර තිබෙන අයුරු දැකිය හැකියි.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නව නායකයා වශයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න තේරීපත් වූයේ ජූලි මස 16 වැනිදා වන අතර ඔහු එම ධුරය භාරගැනීම සිදු වූයේ ද එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ බහුතර අනුමැතිය මතයි.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකයා වශයෙන් නායකත්ව ගිවිසුමකට අත්සන් කිරීම ද සිදු වූ අතර ඒ සඳහා නව නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම්, හිටපු ඇමැති, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහත්වරු අත්සන් තැබීම පසුගිය මාසයේ දී බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී සිදු කෙරුණා.

තරුණයෙකුට පක්ෂයේ නායකත්වය ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කර සිටියේ.

කෙසේවෙතත් තනතුර භාරගෙන මාසයක් ගත වන විට ම නිරෝෂන් ප්‍රේමරත්න මෙලෙස ධුරයෙන් ඉල්ලා අස්වීම ද විශේෂත්වයක්.

WhatsApp Image 2024 08 27 at 19.11.47 2
WhatsApp Image 2024 08 27 at 19.11.48 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21