ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකත්වයෙන් නිරෝෂන් ඉල්ලා අස්වෙයි (නිවේදනය)

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

පක්ෂයේ ලේකම් වාසුදේව නානායක්කාර වෙත ලිපියක් යොමු කරමින් හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ පක්ෂයේ ඇතුළත ඇතැම් සාමාජිකයින්ගේ ක්‍රියාකාරකම් තමන්ගේ ඉවත් වීමට හේතුවක් වූ බවයි.

මෙම පක්ෂයට සම්බන්ධ වී මාසයක පමණ කාලයක් ගත වුව ද, පක්ෂයේ ලේකම් ඇතුළු සෙසු පිරිස ලබාදුන් සහයෝගයට ද සිය ස්තුතිය පුද කරන බව ද නිරෝෂන් ප්‍රේමරත්න මහතා සඳහන් කර තිබෙනවා.

වර්තමාන දේශපාලන තත්ත්වය තුළ අප සාකච්චා කරගත් පරිදි ඉලක්කයන් වෙත ගමන් කිරීම සඳහා කරන ලද බොහෝ සැලසුම් වෙත ඔබ පක්ෂය දැක්වූ කැමැත්තට ද හිටපු මන්ත්‍රී සිය ස්තුතිය පුද කර තිබෙනවා.

නමුත් එම තීරණ ක්‍රියාත්මක කිරීමේ දී පක්ෂයේ සමකාලීන ඇතැම් සහෝදරයන්ගේ අකමැත්ත සහ පසුගාමීත්වය තමන්ගේ ඉල්ලා අස්වීමට හේතුව බව ද නිරෝෂන් ප්‍රේමරත්න වැඩිදුරටත් සඳහන් කර තිබෙන අයුරු දැකිය හැකියි.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නව නායකයා වශයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න තේරීපත් වූයේ ජූලි මස 16 වැනිදා වන අතර ඔහු එම ධුරය භාරගැනීම සිදු වූයේ ද එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ බහුතර අනුමැතිය මතයි.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකයා වශයෙන් නායකත්ව ගිවිසුමකට අත්සන් කිරීම ද සිදු වූ අතර ඒ සඳහා නව නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම්, හිටපු ඇමැති, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහත්වරු අත්සන් තැබීම පසුගිය මාසයේ දී බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී සිදු කෙරුණා.

තරුණයෙකුට පක්ෂයේ නායකත්වය ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කර සිටියේ.

කෙසේවෙතත් තනතුර භාරගෙන මාසයක් ගත වන විට ම නිරෝෂන් ප්‍රේමරත්න මෙලෙස ධුරයෙන් ඉල්ලා අස්වීම ද විශේෂත්වයක්.

WhatsApp Image 2024 08 27 at 19.11.47 2
WhatsApp Image 2024 08 27 at 19.11.48 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කයිවාරු කොටා මූ..පේන්නේ නැද්ද මූණත් කළුවෙලා - කිසිම සහනයක් නෑ මිනිස්සුන්ට..වැඩක් නෑ
04:14
Video thumbnail
උරුමයට ඔයාලා කරුමය කියලා හරි දාගන්න..සුරතල් කතා වැඩක් නෑ - චාමරට යකා නගියි
04:26
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46