AFC Banner
Empty Ad
Empty Ad

ඇල්පිටිය පුංචි ඡන්දයට තැපෑලෙන් ඡන්ද දෙන්න අයදුම්පත් කැඳවෙයි – කිසිසේත්ම දීර්ඝ කරන්නේ නැහැ (නිවේදනය)

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලැබූ ඡන්දදායකයින්ගේ අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ ඊයේ (26) පෙරවරුවේ නාම යෝජනා කැඳවීමේ දැන්වීම ඇල්පිටිය ප්‍රාදේශීය සභාව විසින් සිදු කරනු ලැබූ බවයි.

ඉන් අනතුරුව ඡන්ද විමසීම සඳහා තැපෑලෙන් ඡන්දය දීමට සුදුසුකම් ලැබූවන්ගේ අයදුම්පත් භාර ගැනීමේ කාලසීමාව අගෝස්තු මස 26 වැනි දින සිට සැප්තැම්බර් මස 13 වැනිදා මධ්‍යම රාත්‍රී 12 තෙක් පවතින බව ද එම නිවේදනයේ සඳහන්.

විශේෂයෙන් ම කොමිෂන් සභාව දැනුම්දී ඇත්තේ කිසිදු ලෙසකින් තැපැල් ඡන්දය සඳහා නාම යෝජනා පත්‍ර භාර ගැනීමේ කාල සීමාව දීර්ඝ නොකරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?