AFC Banner
Empty Ad
Empty Ad

2024 සාපෙළ ප්‍රතිඵල එන දවස ගැන ඇමති කියයි

2024 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල තවත් සති 2-3කින් පමණ නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

අද (27) අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ; ප්‍රතිඵල නිකුත් කිරීමට අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සිදු කෙරෙමින් පවතින බවයි.

විවිධ දේශපාලනඥයින් විසින් විවේචනය කරනු ලැබුව ද, දෙවසරක කාලය තුළ තමන් ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් එක් ව අධ්‍යාපනයේ පසුගාමීත්වය යළිත් සැකසීමට කැප වූ බවයි අමාත්‍යවරයා පැවසුවේ.

කල් ගිය සෑම විභාගයක් ම නිසි වේලාවට මේ වසර අග වනවිට අවසන් කිරීමට ද හැකියාවක් ඇති බව ද අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?