“රටේ ඡන්දවලින් 95% ක් පාවෙන ඡන්ද බවට පත්විය යුතුයි” – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

මේ රට ඉදිරියට යාමට නම් රටේ ජන්දවලින් 95% ක් පාවෙන ඡන්ද බවට පත්විය යුතු බව ජනාධිපති අපේක්ෂක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා.

ඒ මහතා මේ බව කියා සිටියේ; ඊයේ (25) නාවලපිටිය බස් නැවතුම්පොළේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමින්.

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට අවශ්‍යයි නම්, මෙරට ඡන්ද ප්‍රතිශතයෙන් 95%ක් පාවෙන ඡන්ද බවට පත් කළ යුතු බවයි හෙතෙම පැවසුවේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් එම මහතා කියා සිටියේ; මනාපය ලබාදිය යුත්තේ උගත්, කාර්යශුර්ය, කැපවීමෙන් කටයුතු කරන දේශපාලනඥයින්ට බවයි.

වසර 75ක් පමණ පරම්පරා කිහිපයක් මෙරට පාලන බලය අත්පත් කරගෙන සිටි බවත් එම පාලන තන්ත්‍රය හරහා මෙරට ජනතාවගේ ජීවන තත්ත්වය උසස් තත්ත්වයට පත් කිරීමට කිසිවෙකුට නොහැකි වූ බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

සජිත් ප්‍රේමදාස මහතා වෙත දෝෂාරෝපණය එල්ල කරමින් ඔහු තවදුරටත් සඳහන් කර ඇත්තේ, සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් මෙරටට කිසිදු වාසියක් අත්පත් නොවන බවයි.

මෙහිදී රටේ ජනතාවගේ ජීවිතවලට ප්‍රමිතියක් ලැබීමට නම් ප්‍රමිතියෙන් ඉහළ පාලකයන් පත් කර ගැනීමට අවශ්‍ය බවත් හෙතෙම කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32