AFC Banner
Empty Ad
Empty Ad

“රටේ ඡන්දවලින් 95% ක් පාවෙන ඡන්ද බවට පත්විය යුතුයි” – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

මේ රට ඉදිරියට යාමට නම් රටේ ජන්දවලින් 95% ක් පාවෙන ඡන්ද බවට පත්විය යුතු බව ජනාධිපති අපේක්ෂක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා.

ඒ මහතා මේ බව කියා සිටියේ; ඊයේ (25) නාවලපිටිය බස් නැවතුම්පොළේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමින්.

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට අවශ්‍යයි නම්, මෙරට ඡන්ද ප්‍රතිශතයෙන් 95%ක් පාවෙන ඡන්ද බවට පත් කළ යුතු බවයි හෙතෙම පැවසුවේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් එම මහතා කියා සිටියේ; මනාපය ලබාදිය යුත්තේ උගත්, කාර්යශුර්ය, කැපවීමෙන් කටයුතු කරන දේශපාලනඥයින්ට බවයි.

වසර 75ක් පමණ පරම්පරා කිහිපයක් මෙරට පාලන බලය අත්පත් කරගෙන සිටි බවත් එම පාලන තන්ත්‍රය හරහා මෙරට ජනතාවගේ ජීවන තත්ත්වය උසස් තත්ත්වයට පත් කිරීමට කිසිවෙකුට නොහැකි වූ බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

සජිත් ප්‍රේමදාස මහතා වෙත දෝෂාරෝපණය එල්ල කරමින් ඔහු තවදුරටත් සඳහන් කර ඇත්තේ, සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් මෙරටට කිසිදු වාසියක් අත්පත් නොවන බවයි.

මෙහිදී රටේ ජනතාවගේ ජීවිතවලට ප්‍රමිතියක් ලැබීමට නම් ප්‍රමිතියෙන් ඉහළ පාලකයන් පත් කර ගැනීමට අවශ්‍ය බවත් හෙතෙම කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?