AFC Banner
Empty Ad
Empty Ad

තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමට අද සිට

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා අද (26) දිනයේ සිට බෙදාහැරීමට නියමිතව තිබෙනවා.

මේ අතර අද (26) දිනයේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි මැතිවරණය අවසන්වන තෙක් සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට ද කටයුතු කර ඇති බව වාර්තා වුණා.

එළඹෙන ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම සැප්තැම්බර් 04 සිට 06 වනදා දක්වා සිදුකිරීමට නියමිතයි.

මෙම දිනයන්වල දී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ රජයේ සේවකයන්ට සැප්තැම්බර් 11 සහ 12 යන දින දෙක අමතර දෙන ලෙස වෙන්කර තිබෙනවා.

මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය සේවකයින් 712,319 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?