AFC Banner
Empty Ad
Empty Ad

කොකේන් පාවිච්චි කළ බව දික්වැල්ල පිළිගනී

තමා කොකේන් භාවිත කළ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල පිළිගෙන තිබෙනවා.

ක්‍රීඩා විනය කමිටුව හමුවට ඊයේ (23) ඔහුව කැඳවා තිබූ අතර, එම කමිටුව හමුවේ ඔහු එම වරද පිළිගෙන ඇති බවයි වාර්තා වුණේ.

නිමා වූ ලංකා ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ දී ඔහුට තහනම් උත්තේජක ලබාගත් බවට චෝදනා එල්ල වූ අතර,එහිදී දික්වැල්ලට සියලු ආකාරයේ ක්‍රිකට් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරනු ලැබුවා.

ක්‍රීඩා විද්‍යායතනයේ දී ක්‍රීඩා විනය කමිටුව හමුවේ ඊයේ දිනයේ පෙනී සිටි දික්වැල්ලගෙන් පැය එකහමාරකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනුණා.

කෙසේ වෙතත් ඔහු සම්බන්ධයෙන් ඉදිරිප්යේ දී ගනු ලබන තීරණය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන තවමත් ප්‍රකාශයක් සිදුකර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
3
+1
1
+1
5
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?