දරුවෙකු දැඩි සත්කාර ඒකකයට යැවූ ගුරුවරියන් දෙදෙනකු රිමාන්ඩ්

මිනිමැරීමට තැත් කිරීම හා බරපතළ ලෙස පහරදීම යන චෝදනා යටතේ ගුරුවරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වෙන්නප්පුව පොලීසිය මගින් එම ප්‍රදේශයේ පාසලක ගුරුවරියන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පාසලේ දැරියකට බරපතළ ලෙස පහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මෙම සැකකාරිණියන් අත් අඩංගුවට ගනු ලැබුවා.

සැකකාර ගුරුවරියන් මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් මස 02වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණය නියෝග කෙරුණේ.

එම ගුරුවරියන්ගෙන් පහරකෑමට ලක් ව ඇත්තේ එම පාසලේ ඉගෙනුම ලබන 15 හැවිරිදි දැරියක් වන අතර, ඇය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

එම දැරියට යම්කිසි සිදුවීමක් සම්බන්ධයෙන් එක් ගුරුවරියක් බරපතළ ලෙස පළමුව පහර දී ඇති බවයි සිදු කළ විමර්ශනවල දී අනාවරණය වී තිබෙන්නේ.

පසුව අනෙක් ගුරුවරිය විසින් දැරියව අව්වේ දණගස්වා කොස්සකින් පහර දී තිබෙනවා.

එහිදී අදාළ දැරිය ක්ලාන්ත වී ඇති අතර, පසුව ඇයව ඔසවාගෙනවිත් මේසයක් මත අතහැරීමේදී ඇයගේ හිස එහි වැදී ඇති බව ද වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38