නවසීලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ කාල සටහන එළිදකී

නවසීලන්ත ටෙස්ට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ කාල සටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

තරගාවලියේ පළමු තරගය එළඹෙන සැප්තැම්බර් 18 වනදා ආරම්භ වනවා.

දෙවන තරගය සැප්තැම්බර් 26 වනදා සිටි 30 වනදා දක්වා පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

තරගාවලියේ පැවැත්වෙන තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මේ අතර මෙම තරගාවලියේ පළමු ටෙස්ට් තරගය සඳහා විශේෂ විවේක දිනයක් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන සැප්තැම්බර් 21 දිනය විවේක දිනයක් ලෙසින් නම් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

තරග දෙකකින් යුතු මෙම ටෙස්ට් තරගාවලිය ICC ලෝක ටෙස්ට් ශූරතා 2023 – 2025 තරග සමයට අදාළව පැවැත්වෙනවා.

දෙරට අතර මේ දක්වා ජාත්‍යන්තර ටෙස්ට් තරග 38ක් පවත්වා ඇති අතර, ඉන් තරග 18ක් නවසීලන්තය ජයගෙන ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරග 09ක් පමණයි.

තරග එකොළහක් ජය පරාජයෙන් තොරව අවසන්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
1
+1
0
+1
1
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"වන අලින්ට ඡන්දෙ නෑ ගොවින්ට හයිය නෑ" අලි මිනිස් ගැටලුව වෙනුවෙන් පෙරට ආ රෝහිණී
08:29
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.19
08:26:46
Video thumbnail
විමල් බීලා හිටියේ නෑ - විමල් වැටුණේ රණවිරුවන්ගේ පාමුලට
09:36
Video thumbnail
ජනපති, රණවිරු ස්මාරකයට පුෂ්පෝහාර දැක්වූ අයුරු..සැවොම සංවේදී කළ මොහොත මෙන්න
05:22
Video thumbnail
විජයග්‍රහණයේ අභිමානවත් 17 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් සජීවීව
02:30:11
Video thumbnail
අමාරුවේ වැටුණ පොලිසියට පිහිටක් වුණු මනුස්සයා
01:06
Video thumbnail
පල්ලේගම හේමරතන හිමිගේ සිද්ධිය නිසා උසාවිය ඉදිරිපිට උණුසුම් වෙයි
08:26
Video thumbnail
"යුද්ධය හොඳ ද නරක ද කියා විනිශ්චයක් ලබාදීමට මම සූදානම් නැහැ"රණවිරුවන් ඉදිරියේ ජනපති කළ ප්‍රකාශය
21:11
Video thumbnail
ජනපතිගේ කටින් එන්නේ නෑ කිව්ව වචනේ මෙන්න - රණවිරුවෝ කියලම අමතයි
04:09
Video thumbnail
දයාසිරි නැගිටලා හතර වටේටම දෙසයි - රණවිරු සැමරුමට මහින්ද මහත්තයට කියලා නෑ
08:29