AFC Banner
Empty Ad
Empty Ad

කොල්කටා වෛද්‍යවරියගේ සිද්ධියේ ප්‍රධාන සැකකරුගේ නැන්දම්මාගෙන් අනාවරණයක්

කොල්කටා හි අභ්‍යාසලාභී වෛද්‍යවරියක් දූෂණයකර මරා දැමීමේ සිද්ධියට අත්අඩංගුවට ගැනුණු ප්‍රධාන සැකකරුගේ බිරිඳගේ මව ඉන්දීය මාධ්‍ය වෙත අනාවරණයක් සිදුකර තිබෙනවා.

සන්ජෝයි රෝයි නැමැති සැකකරුගේ නැන්දම්මා පවසා ඇත්තේ මෙම අපරාධයට තවත් පුද්ගලයින් සම්බන්ධ විය හැකි බවට තමන්ට සැකයක් පවතින බවයි.

තම දියණිය සහ සන්ජෝයි රෝයි සමඟ ඇති අත්දැකීම් විස්තර කරමින් ඇය මේ බව පවසා තිබෙනවා.

“මුල්, මාස හයේ සියල්ල හොඳින් පැවතුනා, පසුව මගේ දියණිය මාස 03ක ගැබිණියක්ව සිටිය දී ඔහු ඇයට ගබ්සාවක් සිදුකළා, ඔහු ඇයට පහර දුන්නා, ඒ ගැන පොලිසියේ පැමිණිල්ලක් ද ලියාපදිංචි කර තිබෙනවා. මේකෙන් පස්සේ මගේ දුව දිගටම අසනීප වුණා, මම එයාගේ බෙහෙත්වලට වියදම් කළා.සංජෝයි හොඳ නෑ.මම අපරාධය ගැන කතා කරන්නේ නැහැ. හැබැයි එයාට ඒක තනියම කරන්න බැහැ.” යනුවෙන් සැකකරුගේ නැන්දම්මා ඉන්දීය මාධ්‍ය වෙත වැඩිදුරටත් පවසා තිබෙනවා.

අභ්‍යාසලාභී වෛද්‍යවරිය දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියට ඉන්දියාව පුරා විරෝධතා ඇති වූ අතර, එරට වෛද්‍යවරුන් සිය ආරක්ෂාව සහ විත්තිකරුවන්ට යුක්තිය ඉල්ලා වැඩ වර්ජනයක ද නිරත වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
14
+1
1
+1
4
+1
86
+1
10
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?