කොල්කටා වෛද්‍යවරියගේ සිද්ධියේ ප්‍රධාන සැකකරුගේ නැන්දම්මාගෙන් අනාවරණයක්

කොල්කටා හි අභ්‍යාසලාභී වෛද්‍යවරියක් දූෂණයකර මරා දැමීමේ සිද්ධියට අත්අඩංගුවට ගැනුණු ප්‍රධාන සැකකරුගේ බිරිඳගේ මව ඉන්දීය මාධ්‍ය වෙත අනාවරණයක් සිදුකර තිබෙනවා.

සන්ජෝයි රෝයි නැමැති සැකකරුගේ නැන්දම්මා පවසා ඇත්තේ මෙම අපරාධයට තවත් පුද්ගලයින් සම්බන්ධ විය හැකි බවට තමන්ට සැකයක් පවතින බවයි.

තම දියණිය සහ සන්ජෝයි රෝයි සමඟ ඇති අත්දැකීම් විස්තර කරමින් ඇය මේ බව පවසා තිබෙනවා.

“මුල්, මාස හයේ සියල්ල හොඳින් පැවතුනා, පසුව මගේ දියණිය මාස 03ක ගැබිණියක්ව සිටිය දී ඔහු ඇයට ගබ්සාවක් සිදුකළා, ඔහු ඇයට පහර දුන්නා, ඒ ගැන පොලිසියේ පැමිණිල්ලක් ද ලියාපදිංචි කර තිබෙනවා. මේකෙන් පස්සේ මගේ දුව දිගටම අසනීප වුණා, මම එයාගේ බෙහෙත්වලට වියදම් කළා.සංජෝයි හොඳ නෑ.මම අපරාධය ගැන කතා කරන්නේ නැහැ. හැබැයි එයාට ඒක තනියම කරන්න බැහැ.” යනුවෙන් සැකකරුගේ නැන්දම්මා ඉන්දීය මාධ්‍ය වෙත වැඩිදුරටත් පවසා තිබෙනවා.

අභ්‍යාසලාභී වෛද්‍යවරිය දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියට ඉන්දියාව පුරා විරෝධතා ඇති වූ අතර, එරට වෛද්‍යවරුන් සිය ආරක්ෂාව සහ විත්තිකරුවන්ට යුක්තිය ඉල්ලා වැඩ වර්ජනයක ද නිරත වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි
00:28
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
00:42
Video thumbnail
ජනපති, පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට
01:39