ශ්‍රී ලංකාවයි ඉන්දියාවයි නිවුන් සහෝදරයෝ වගේ – ඉන්දීය මහ කොමසාරිස්

ශ්‍රී ලංකාව තුළ ඉන්දියාව මැදිහත් ව සිදු කරන සියලු සංවර්ධන ව්‍යාපෘති ශ්‍රී ලාංකිකයන්ට වඩාත් ප්‍රයෝජනවත් වන ව්‍යාපෘති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා පවසනවා.

ඉන්දීය ආධාර වැඩසටහන් යටතේ ඩොලර් බිලියන තුනක වියදමින් මධ්‍යම පළාත තුළ ද සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් දියත් කරන බවයි සන්තෝෂ් ජා පැවසුවේ.

අද (20) සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් සහ මල්වතු මහා විහාරයේදී එම පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දැක උන්වහන්සේ සමඟ සාකච්ඡා කළ අවස්ථාවේ දී යි මහා කොමසාරිස්වරයා මෙම අදහස් පළ කළේ.

ඉන්දීය රජයේ මැදිහත්වීම මත මෙරට විහාරස්ථාන හා පිරිවෙන් සඳහා සූර්යය පැනල සවි කිරීමේ ව්‍යාපෘතියක් දියත් කොට ඇති බව ද ඔහු එහිදී පෙන්වා දුන්නා.

ඒ යටතේ බෞද්ධ විහාරස්ථාන 4000කට ද පිරිවෙන් 800කට සූර්යය පැනල සවි කිරීම ආරම්භ කොට ඇති අතර තවත් බෞද්ධ විහාරස්ථාන 3000කට ඉදිරියේ දී සුර්යය පැනල සවිකොට භාර දෙන බවයි ඉන්දීය මහ කොමසාරිස්වරයා දැනුම්දුන්නේ.

ඉන්දීය රජයේ මැදිහත්වීම සිදු කරන්නේ කිසිදු භේදයකින් තොරව යැයි කී මහා කොමසාරිස්වරයා ශ්‍රී ලංකාව හා ඉන්දියාව නිවුන් සහෝදරයන් වශයෙන් හැඳින්විය හැකි බව ද ප්‍රකාශ කළා.

ඒ යටතේ දිස්ත්‍රික්ක 25 තුළ විවිධ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවත් ඔහු අවධාරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?