ශ්‍රී ලංකාවයි ඉන්දියාවයි නිවුන් සහෝදරයෝ වගේ – ඉන්දීය මහ කොමසාරිස්

ශ්‍රී ලංකාව තුළ ඉන්දියාව මැදිහත් ව සිදු කරන සියලු සංවර්ධන ව්‍යාපෘති ශ්‍රී ලාංකිකයන්ට වඩාත් ප්‍රයෝජනවත් වන ව්‍යාපෘති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා පවසනවා.

ඉන්දීය ආධාර වැඩසටහන් යටතේ ඩොලර් බිලියන තුනක වියදමින් මධ්‍යම පළාත තුළ ද සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් දියත් කරන බවයි සන්තෝෂ් ජා පැවසුවේ.

අද (20) සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් සහ මල්වතු මහා විහාරයේදී එම පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දැක උන්වහන්සේ සමඟ සාකච්ඡා කළ අවස්ථාවේ දී යි මහා කොමසාරිස්වරයා මෙම අදහස් පළ කළේ.

ඉන්දීය රජයේ මැදිහත්වීම මත මෙරට විහාරස්ථාන හා පිරිවෙන් සඳහා සූර්යය පැනල සවි කිරීමේ ව්‍යාපෘතියක් දියත් කොට ඇති බව ද ඔහු එහිදී පෙන්වා දුන්නා.

ඒ යටතේ බෞද්ධ විහාරස්ථාන 4000කට ද පිරිවෙන් 800කට සූර්යය පැනල සවි කිරීම ආරම්භ කොට ඇති අතර තවත් බෞද්ධ විහාරස්ථාන 3000කට ඉදිරියේ දී සුර්යය පැනල සවිකොට භාර දෙන බවයි ඉන්දීය මහ කොමසාරිස්වරයා දැනුම්දුන්නේ.

ඉන්දීය රජයේ මැදිහත්වීම සිදු කරන්නේ කිසිදු භේදයකින් තොරව යැයි කී මහා කොමසාරිස්වරයා ශ්‍රී ලංකාව හා ඉන්දියාව නිවුන් සහෝදරයන් වශයෙන් හැඳින්විය හැකි බව ද ප්‍රකාශ කළා.

ඒ යටතේ දිස්ත්‍රික්ක 25 තුළ විවිධ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවත් ඔහු අවධාරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06
Video thumbnail
කට උත්තරයක් දෙන්න ආ මුජිබුර් ආණ්ඩුව සැරටම අමතයි
08:01
Video thumbnail
ක්‍රීඩාපිටියක් වැනසූ බස් පි#සෝ - පේනවද කරන විනාශය
01:48
Video thumbnail
රනිල් වික්‍රමසිංහත් මරියසෙල් ගුණතිලකට අවසන් ගෞරව දක්වයි
01:58