එයාර්පෝට් ටර්මිනල් ෂට්ල් බස් රථ සේවාව අරඹා සිව් දිනකින් නවතියි

කටුනායක ගුවන් තොටුපොළේ සිට කොළඹ , කොටුව දුම්රිය ස්ථානය වෙත සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත ඉකුත් 15 වැනි දින සිට ආරම්භ කළ සුඛෝපභෝගී බස් රථ සේවාව ( Air Port Terminal Shuttle Service ) අද (19) උදෑසන 11.00 පමණ සිට තාවකාලිකව නවතා දැමීමට පියවර ගත් බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කර තිබෙනවා.

අප ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ; මෙම බස් රථ සේවාවට ආරම්භ කළ සැණින් ඊට එරෙහිව ගුවන් තොටුපොළ – කොටුව පෞද්ගලික සුඛෝපභෝගී බස් රථ සංගමය විරෝධතා ඉදිරිපත් කරමින් බස් රථ වර්ජනයක් ආරම්භ කර ඇති බවයි.

ඊට අමතරව ඔවුන් ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය , මැතිවරණය කොමසාරිස් කාර්යාලය වෙත ගොස් සිය විරෝධතා ඉදිරිපත් කර තිබීම ද මීට හේතුවක් බව ද වාර්තා වී තිබෙනවා.

මෙම විරෝධතා ව්‍යාපාරයට කටුනායක ගුවන් තොටුපොළ කුලී රථ ධාවන සංගම් ද සහයෝගය පළ කර තිබූ අතර මේ සියල්ල සළකා බලා එම සුඛෝපභෝගී බස් රථ ධාවනය ආරම්භ කර දින 04කට පසුව නවතා දැමීමට පියවර ගැනුණා.

එසේ නවතා දැමූ බස් රථ වෙනුවට කටුනායක ගුවන් තොටුපොළ – කොළඹ , කොටුව අතර ධාවනය වන සුඛෝපභෝගී බස් රථ සංගමයේ දිනකට ධාවනයෙන් ඉවත් වන බස් රථ 10ක් , කටුනායක ගුවන් තොටුපොළේ සිට ගමන් කොළඹ , කොටුව දුම්රිය ස්ථානය වෙත සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත ධාවනය කර වීමට නියමිත බැව් ගුවන් තොටුපොළ පෞද්ගලික සුඛෝපභෝගී බස් රථ සංගමයේ සභාපති ඉන්දික ගුණසේකර මහතා ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
40
+1
2
+1
4
+1
3
+1
4
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිලා කරදරය ගැන හිනාවෙවී මිහින්තලේ හිමි කියයි..වන්දනාකරන අයට හ#නවා..ජපනෙක් ආවා බනිස් ගෙඩියකුත් අරගෙන
02:25
Video thumbnail
ඇඟලුම් කම්හලක ඇතිවූ ගින්නේ නවතම දර්ශන මෙන්න - දැඩි පරිශ්‍රමයක් දරා ගින්න නිවන අයුරු
01:21
Video thumbnail
ගාල්ලේ ඉදන් පාපිසි ගන්න ආ පුද්ගල‍යා දුම්රියක ගැ# එළොව ගිහින්
00:39
Video thumbnail
ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක හදිසියේම ඇතිවූ මහ ගින්න
01:01
Video thumbnail
පාපිසි ගන්න ආ පුද්ගල‍යා දුම්රියක ගැටී එළොව ගිහින් - "අදුරන්නේ කොහොමද ? මූණක් නෑනේ"
01:24
Video thumbnail
ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක හදිසියේම ඇතිවූ මහ ගින්න - ප්‍රදේශයම කළු දුමෙන් වැසී ගිහින්
01:32
Video thumbnail
හිටපු ආණ්ඩුකාරවරු ආණ්ඩුවෙන් ඉල්ලපු දේ - කවුරු දිණුවත් ප්‍රශ්නයක් නෑ..පළාත් සභා මැතිවරණය තියන්න
12:12
Video thumbnail
හැමදේම හොරකම් කරන කාලයේ බිම වැටිලා තිබ්බ සල්ලි අයිතිකාරයටම දුන්න උතුම් ක්‍රියාව.."ළමයිට බොහොම පින්."
04:06
Video thumbnail
වචන දෙනකොට හරියට දෙන්න ඕනි..නැත්තම් ගමට එන්න වෙන්නේ නැ - ණය අරගෙන ලොකු ලොකු දෙවල් කරලා
07:41
Video thumbnail
චමරි අතපත්තු සංවේදී වී කිව්ව දේ - ශෂිණි අවාසනාවකට ආබාධයකට ලක්වුණා - එයාට තරඟ කරන්න බෑ
08:23