හසීනාගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්

බංගලිදේශයේ හිටපු අගමැතිනි ෂීක් හසීනා සිය මව්රටින් පළායාමෙන් පසු ප්‍රථම වතාවට ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

එහිදී ඇය සඳහන් කර ඇත්තේ තමාව මෙලෙස අවිධිමත් ලෙස බලයෙන් නෙරපා හැරීම පිටුපස එක්සත් ජනපදයේ බලපෑමක් ඇති බවයි.

“මම ඉල්ලා අස් වුණේ තවදුරටත් ප්‍රචණ්ඩත්වය දැකීම වැළකීමට, සිසුන්ගේ මළ සිරුරු මතින් බලය අල්ලා ගැනීම ඔවුන්ගේ අරමුණ වුණා.නමුත් ඉල්ලා අස්වීමෙන් මම එය වළක්වා දැමුවා” යනුවෙන් හිටපු අගමැතිනි ෂීක් හසීනා විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

රජයේ රැකියා සඳහා වන ආන්දෝලනාත්මක කෝටා ක්‍රමය අවසන් කරන ලෙස ඉල්ලා සිසුන් විසින් කරන ලද විරෝධතා උත්සන්න වීම මධ්‍යයේ හසීනා අගෝස්තු පස්වනදා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස වුණා.

රට තුළ ඇති වූ ප්‍රචණ්ඩත්වය මධ්‍යයේ ආරක්ෂාව ගැන බියෙන්, ඇය හමුදා ගුවන් යානයකින් ඩකා නගරයෙන් ඉන්දියාව බලා
පළා ගියා.

මේ වනවිට බංග්ලාදේශය තුළ නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යුනුස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්වාර රජයක් පිහිටුවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
5
+1
23
+1
3
+1
2
+1
2
+1
5
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03