බංගලිදේශයේ හිටපු අගමැතිනි ෂීක් හසීනා සිය මව්රටින් පළායාමෙන් පසු ප්‍රථම වතාවට ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
එහිදී ඇය සඳහන් කර ඇත්තේ තමාව මෙලෙස අවිධිමත් ලෙස බලයෙන් නෙරපා හැරීම පිටුපස එක්සත් ජනපදයේ බලපෑමක් ඇති බවයි.
“මම ඉල්ලා අස් වුණේ තවදුරටත් ප්‍රචණ්ඩත්වය දැකීම වැළකීමට, සිසුන්ගේ මළ සිරුරු මතින් බලය අල්ලා ගැනීම ඔවුන්ගේ අරමුණ වුණා.නමුත් ඉල්ලා අස්වීමෙන් මම එය වළක්වා දැමුවා” යනුවෙන් හිටපු අගමැතිනි ෂීක් හසීනා විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.
රජයේ රැකියා සඳහා වන ආන්දෝලනාත්මක කෝටා ක්‍රමය අවසන් කරන ලෙස ඉල්ලා සිසුන් විසින් කරන ලද විරෝධතා උත්සන්න වීම මධ්‍යයේ හසීනා අගෝස්තු පස්වනදා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස වුණා.
රට තුළ ඇති වූ ප්‍රචණ්ඩත්වය මධ්‍යයේ ආරක්ෂාව ගැන බියෙන්, ඇය හමුදා ගුවන් යානයකින් ඩකා නගරයෙන් ඉන්දියාව බලා
පළා ගියා.
මේ වනවිට බංග්ලාදේශය තුළ නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යුනුස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්වාර රජයක් පිහිටුවා තිබෙනවා.














ජනතාව ගේ චන්ද අයිතිය මන්කොල්ල කන්නේ නැතිව සාදාරන මැතිවරණ තිබ්බා නම්, ඔහොම වෙන්නේ නැහැ. බල ලෝභීත්වය, විරුද්ධවාදීන් ඝාතනය කිරීම, සිර කර තැබීම, මර්දනය කිරීම, මේවා තමයි එකම හේතුව.
එතකොට ඉන්දියේ කුමන්ත්‍රණ ඔබව බලහත්කාරයෙන් බලය රදවා ගැනීම..
ඔබට දෙන එකෙන්ම පැහැදිලියි.ඉන්දියාව මුස්ලිම්වරුන්ට කරන අපරාද ඔබට නොපෙනේද?