AFC Banner
Empty Ad
Empty Ad

ෂීක් හසීනාගේ අවාමි ලීගයේ නායකයෙකුගේ හෝටලයකට ගිනි

බංග්ලාදේශයේ තවදුරටත් ක්‍රියාත්මක වන ප්‍රචණ්ඩ ක්‍රියා අතරතුර හෝටලයකට ගිනි තැබීම හේතුවෙන් එහි සිටි පුද්ගලයින් 24 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ ෂෙයික් හසීනාගේ අවාමි ලීගයේ නායකයෙකුට අයත් හෝටලකට මෙලෙස ගිනි තබා ඇති බවයි.

නොසිතූ මොහොතක සිදුකළ මෙම ගිනිතැබීම හේතුවෙන් එහි ලැඟුම්ගෙන සිටි 24 දෙනෙකු මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.

රැකියා කෝටා ක්‍රමයට එරෙහි ව ඇරඹුණු මෙම කැරැල්ල මේ වනවිට ජාතිවාදී ස්වරූපයක් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ වනවිට බංග්ලාදේශයේ අන්තර්වාර රජයක් පත්කිරීමට කටයුතු කර ඇති අතර ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ ඉල්ලීමකට අනුව එරට පාර්ලිමේන්තුව ද විසුරුවා හරිනු ලැබුවා.

ජනාධිපතිවරයා විසින් මොහොමඩ් යුනුස් එරට අන්තර්වාර රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
3
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?