මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථාන සම්බන්ධීකරණය ගැන දැනුම්දීමක් (නිවේදනය)

මැතිවරණය ප්‍රකාශයට පත් කළ ද; රටේ සංවර්ධනය සඳහා ක්‍රියාත්මක කෙරෙමින් පවතින ව්‍යාපෘති නතර කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

මැතිවරණ කොමසාරිස්වරයා පෙන්වාදෙන්නේ; කිසිදු අයුරකින් අපේක්ෂකයෙකු මැතිවරණ කාල සීමාව තුළ දී ප්‍රවර්ධනය කිරීමක් හෝ අගති පැමිණවීමක් අදාළ සංවර්ධන ව්‍යාපෘතිවලට මුවා වී සිදු නොකළ යුතු බවයි.

එළඹෙන සැප්තැම්බර් මස 21 වැනි දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා මේ වනවිට දේශපාලන පක්ෂ, අපේක්ෂකයින් සේ ම ක්‍රියාවලිය සිදු කරනු ලබන මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ ලේකම් කාර්‍යාලය ඇතුළු ප්‍රමුඛ පාර්ශ්ව ගණනාවක් සිය ක්‍රියාදාමයන් ඉටු කරමින් සිටිනවා.

මෙවන් පසුබිමකදී මේ වනවිට ජනාධිපතිවරණය සඳහා මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථාන සම්බන්ධීකරණ තොරතුරු ලබා ගැනීමේ පහසුව පිණිස කොමිෂන් සභාව විසින් විශේෂ නිවේදනයක් ද නිකුත් කෙරුණා.

ඒ මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථාන සම්බන්ධීකරණ තොරතුරු ලබා ගැනීමට දිවයින පුරා දිස්ත්‍රික්ක 25 ම පදනම් කරගනිමින් සියලු ම දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලවල දූරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපින සහ වට්ස් ඇප් මාර්ගයෙන් සම්බන්ධ වීමට අවශ්‍ය ඇමතුම් අංක ලැයිස්තුවක් මැතිවරණ කොමිෂන් සභාව මගින් ඡන්ද දායකයින්ගේ දැනුම්වත් වීම වෙනුවෙන් මාධ්‍යයට මුදා හැර තිබෙනවා.

එමෙන්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් වන පැමිණිලි ජූලි මස 31 වැනි දා සිට මේ දක්වා කාලය තුළ ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව පැමිණිලි 121ක් මැතිවරණ කොමිෂන් සභාවට මේ වනවිට ලැබී ඇති බවයි පැවසෙන්නේ.

මේ අතර මේ වනවිට එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයින් 18 දෙනෙකු ඉදිරිපත් වන බවට දන්වමින් ඊට අදාළ ඇප මුදල් තැන්පත් කිරීම ද සිදු කර තිබෙනවා.

එහිදී පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් අපේක්ෂකයින් 07 දෙනෙකු ද, ස්වාධීන පක්ෂ නියෝජනය කරමින් අපේක්ෂකයින් 10 දෙනෙකු සහ වෙනත් පක්ෂ නියෝජනය කරමින් එක් අපේක්ෂකයෙකු ද මෙම 18 දෙනාට ඇතුළත් බවයි වාර්තා වන්නේ.

MR PRE 2024 17S page 001
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32