පළමු එක්දින තරගයේ කාසියේ වාසිය ලංකාවට

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

අද (02) දහවල් 2.30ට මෙම තරගය ඇරඹෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය දිනූ නායක කුසල් මෙන්ඩිස් පළමු ව පන්දුවට පහරදීමට තීරණය කළා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස් හට හිමි ව ඇති අතර නායක රෝහිත් ෂර්මා ඉන්දීය බලඇණිය මෙහෙයවනවා.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මේ වනවිට ජාත්‍යන්තර එක්දින තරග 168ක් පවත්වා තිබෙනවා.

එහි තරග 99ක ම ජය හිමි ව ඇත්තේ ප්‍රබල ඉන්දීය කණ්ඩායමටයි.

තරග 57ක ජය ශ්‍රී ලංකාව සතුව තිබෙනවා.

සෙසු තරග දෙක වර්ෂාව හේතුවෙන් අතහැර දමා ඇති බවයි ක්‍රිකට් නිල වෙබ් අඩවි දක්වා ඇත්තේ.

කෙසේවෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල වේග පන්දු දෙදෙනකු තරගාවලියට ම එක් වන්නේ නැහැ.

ඒ මතීෂ පතිරණ සමගින් ඩිල්ෂාන් මධුෂංක.

ඔවුන් දෙදෙනා ආබාධයන්ට ලක් වීම හේතුවෙන් මොහොමඩ් ෂිරාස් සහ එෂාන් මාලිංග හට ජාත්‍යන්තර එක්දින වරම් අද දින හිමිවනු ඇති.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් විරාට් කෝලි, ශ්‍රෙයාර්ස් අයියර්, කේ.එල්. රාහුල් ද එක් කර සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27