AFC Banner
Empty Ad
Empty Ad

ජනපතිට පොහොට්ටු මන්ත්‍රීන් 92 දෙනෙකුගේ සහාය (වීඩියෝ)

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 92 දෙනෙකු ඒකමතික ව තීරණය කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් ජනාධිපති මන්දිරයේ දී අද (30) පස්වරුවේ පැවති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී මෙම එකඟතාව පළ ව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සම්බන්ධයෙන් වන යෝජනාව මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ඉදිරිපත් කරනු ලැබුවේ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින්.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා එය ස්ථීර කර තිබෙනවා.

⁣මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයන් ද ප්‍රකාශ කර තිබෙන්නේ ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වී ක්‍රියා කරන බවටයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාවේ දී පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට පක්ෂ ව ඡන්දය ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන් මෙයට සහභාගී වී නොමැති අතර තමන්ට අද පැවැත්වෙන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී වීමට නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දී තිබෙනවා.

පවිත්‍ර වන්නිආරච්චි ඇමතිනිය ද මෙම රැස්වීමට එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
8
+1
0
+1
1
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?