ජනපතිට පොහොට්ටු මන්ත්‍රීන් 92 දෙනෙකුගේ සහාය (වීඩියෝ)

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 92 දෙනෙකු ඒකමතික ව තීරණය කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් ජනාධිපති මන්දිරයේ දී අද (30) පස්වරුවේ පැවති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී මෙම එකඟතාව පළ ව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සම්බන්ධයෙන් වන යෝජනාව මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ඉදිරිපත් කරනු ලැබුවේ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින්.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා එය ස්ථීර කර තිබෙනවා.

⁣මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයන් ද ප්‍රකාශ කර තිබෙන්නේ ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වී ක්‍රියා කරන බවටයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාවේ දී පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට පක්ෂ ව ඡන්දය ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන් මෙයට සහභාගී වී නොමැති අතර තමන්ට අද පැවැත්වෙන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී වීමට නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දී තිබෙනවා.

පවිත්‍ර වන්නිආරච්චි ඇමතිනිය ද මෙම රැස්වීමට එක්ව සිටි බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17