ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මගීන්ගේ පහසුව තකා ලබා දී ඇති දුම්රිය ආසන කලින් වෙන් කරගැනීම සඳහා පවතින වේලාව නැවතත් සංශෝධනය කර තිබෙනවා.
එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ; දුම්රියෙන් සිය ප්‍රවාහන පහසුකම් සපුරා ගන්නා මගීන් හට දුම්රිය ආසන සැප්තැම්බර් මස 01 වැනි දින සිට සෑම දිනකම පෙරවරු 10 සිට සිදු කළ හැකි බවයි.
මේ දක්වා ආසන වෙන් කිරීමේ කටයුතු ආරම්භ වූයේ රාත්‍රී 07.00ටයි.
නමුත් එම තීන්දුව වෙනස් කරමින් එය නැවතත් පෙර පරිදි උදෑසන 10.00 ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.















රාජ්ය සේවකයින්ගේ නිදහස් දුම්රිය ගමන් බලපත්ර වලින් මෙසේ දුම්රිය ආසන වෙන් කරවා ගත හැකිද..
ඕනෑම දුම්රිය ස්ථානයකින් ටිකට් ලබාගත හැකිද..