මදුරෝ යළිත් වෙනිසියුලාවේ බලය පිහිටුවයි

වෙනිසියුලාවේ මැතිවරණ කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කරන ලද අර්ධ ප්‍රතිඵලවලට අනුව එරට ජනාධිපතිවරණයෙන් වත්මන් ජනාධිපති නිකොලස් මදුරෝ ජයග්‍රහණය කර තිබෙනවා.

එරට ජාතික මැතිවරණ කවුන්සිලයේ ප්‍රතිඵලවලට අනුව නිකොලස් මදුරෝ 51.20% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ එඩ්මුන්ඩෝ ගොන්සාලෙස් 44.02%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තිබෙනවා.

වසර 11ක බලයෙන් පසු ජනාධිපති මදුරෝ බලයෙන් පහ කිරීමේ උත්සාහය සඳහා එරට විරුද්ධ පක්ෂ ගොන්සාලෙස් සමඟ මෙම මැතිවරණයේ දී එක්ව සිටියා.

මේ අතර වෙනිසියුලා ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පවසන්නේ මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳව සැකයක් පවතින බවයි.

කෙසේ වෙතත් තවත් ඡන්ද මධ්‍යස්ථාන විශාල සංඛ්‍යවක ප්‍රතිඵල නිකුත්වීමට නියමිතව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12