AFC Banner
Empty Ad
Empty Ad

මදුරෝ යළිත් වෙනිසියුලාවේ බලය පිහිටුවයි

වෙනිසියුලාවේ මැතිවරණ කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කරන ලද අර්ධ ප්‍රතිඵලවලට අනුව එරට ජනාධිපතිවරණයෙන් වත්මන් ජනාධිපති නිකොලස් මදුරෝ ජයග්‍රහණය කර තිබෙනවා.

එරට ජාතික මැතිවරණ කවුන්සිලයේ ප්‍රතිඵලවලට අනුව නිකොලස් මදුරෝ 51.20% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ එඩ්මුන්ඩෝ ගොන්සාලෙස් 44.02%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තිබෙනවා.

වසර 11ක බලයෙන් පසු ජනාධිපති මදුරෝ බලයෙන් පහ කිරීමේ උත්සාහය සඳහා එරට විරුද්ධ පක්ෂ ගොන්සාලෙස් සමඟ මෙම මැතිවරණයේ දී එක්ව සිටියා.

මේ අතර වෙනිසියුලා ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පවසන්නේ මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳව සැකයක් පවතින බවයි.

කෙසේ වෙතත් තවත් ඡන්ද මධ්‍යස්ථාන විශාල සංඛ්‍යවක ප්‍රතිඵල නිකුත්වීමට නියමිතව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?