කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිබල ගැන්වීමට QR කේතයක් හඳුන්වා දෙයි

මෙරට ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනිමට සහාය වූ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත සිය ස්තුතිය පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂ වෙත ආරාධනා කළා.

අපනයන කේන්ද්‍රීය ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් රට තුළ ගොඩනැඟිමට අවශ්‍ය පරිපාලන සහ ආයතනික ව්‍යුහය මෙම පනත් කෙටුම්පත තුළ අන්තර්ගත බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ, අධ්‍යාපන හා තාක්ෂණ අමාත්‍යාංශ එකාබද්ධව ක්‍රියාත්මක කරන “ඩිජිටල් ආර්ථික ක්‍රමෝපාය 2030” වැඩසටහන යටතේ පාසල් සහ පිරිවෙන් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබාදීම වෙනුවෙන් රඹුක්කන පරාක්‍රම මහා විද්‍යාලයේදී අද (26) පැවති උත්සවයට එක්වෙමින්.

ඩිජිටල්කරණය රට තුළ ව්‍යාප්ත කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙළට අනුව තාක්ෂණ අමාත්‍යාංශය විසින් “ඩිජිටල් ආර්ථික ක්‍රමෝපාය 2030” ක්‍රියාත්මක කර තිබෙන අතර, යටිතල පහසුකම්, සම්බන්ධතාවය සහ ප්‍රවේශය, නිපුණතා, සාක්ෂරතාවය, කර්මාන්ත සහ රැකියා, සයිබර් ආරක්ෂාව, ආරක්ෂාව සහ පෞදගලිකත්වය, ඩිජිටල් මූල්‍ය සේවා, සම්බන්ධිත ඩිජිටල් රජය, කර්මාන්ත අංශ සහ ඩිජිටල්කරණය යන මූලික කුලුණු 06ක් යටතේ මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙනවා.

මෙම කුලුණු යටතේ ඩිජිටල්කරණය බිම් මට්ටමට ගෙනයෑමේ මූලික අදියර කෑගලු දිස්ත්‍රික්කයේ ආරම්භ කෙරුණු අතර, කෑගල්ල දිස්ත්‍රික්කයේ පිරිවෙන් 42කට හා පාසල් 62කට සුහුරු පන්ති කාමර උපකරණ කට්ටල බෙදාදීම ද මෙහිදී සිදුකෙරුණා.

රඹුක්කන පරාක්‍රම විද්‍යාලයට ජනාධිපතිවරයෙක් පැමිණි පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක් වන අතර, මෙහිදී සිසු දරුවන් විසින් මහත් හරසරින් ජනාධිපති රනිල් වික්‍රමසිංහව පිළිගනු ලැබුවා.

මේ අතර ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මිලියනයකට අධික සංඛ්‍යාවක් සවිබල ගැන්වීමේ දීපව්‍යාප්ත වැඩසටහන යටතේ කෑගල්ල දිස්ත්‍රික්කය තුළ QR කේත ක්‍රමය හඳුන්වාදීම වෙනුවෙන් පින්නවල සත්වොද්‍යාන පරිශ්‍රයේ අද (26)පැවති උත්සවයට ද ජනාධිපතිවරයා එක් වුණා.

සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන පින්නවල කිතුල්ගල සංචාරක තීරය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නව ව්‍යාපෘති 07ක් සංවර්ධනය කිරීමට නියමිතයි.

ඒ, යටතේ හිරිවඩුන්න පාලම අසල සිට පින්නවල අලි අනාතාගාරය දක්වා මං තීරුව සංවර්ධනය කිරීම, පින්නවල අලි අනාථාගාරය හා පින්නවල සත්වෝද්‍යානය අවට වීථි පහන් සවිකිරීම, පින්නවල ඉපැරණිගම සංචාරක ආකර්ෂණ ස්ථානයක් ලෙසට වැඩි දියුණු කිරීම, දැලිවල කොටවෙහෙර විහාරස්ථානය සංචාරක ආකර්ෂණ ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම, පින්නවල අලි අනාථාගාරය අසල රථ වාහන නැවතුම්පොළ සහ යෝජිත කඩ සාප්පු සංකීර්ණය සංවර්ධන කිරීම, පින්නවල සත්වෝද්‍යාන රථගාල හා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම සහ පින්නවල අලි අනාථාගාරය ඉදිරිපිට මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම ද මෙහිදී සිදුකෙරුණා.

පින්නවල සත්වෝද්‍යාන පරිශ්‍රයේ පැවති DIGIECON ප්‍රදර්ශන කුටි නැරඹීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී එක් වූ අතර QR කේතය මඟින් ගෙවීම් නිල වශයෙන් ආරම්භ කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදුවුණා.

පින්නවල වාගොල්ල කෘෂි පුහුණු මධ්‍යස්ථානය ඉදිකර තිබෙන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ගොඩනැඟිලි පරිශ්‍රය නිරීක්ෂණය කිරීමට ද අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්වුණා.

ව්‍යවසායකයින්ට SLS සහතික පිරිනැමීමද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා.

මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ,

“අද මෙම පාසලට පැමිණෙන විට මම පාසල් ගිය කාලය මට සිහිපත් වුණා. එදා අපට තිබුණේ කළු ලෑල්ල සහ, හුණු කෑල්ල පමණයි. එදා මෙම පහසුකම් තිබුණේ නැහැ. මම පළමුවරට පරිගණකයක් දුටුවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් නිම කිරීමෙන් පසුවයි. අද ඔබට නවීන උපකරණ සහිත සුහුරු පන්ති කාමර ලැබී තිබෙනවා. අද ලෝකය සෑම අංශයකින්ම සීග්‍රයෙන් වෙනස් වෙනවා. අපත් ඒ වෙනසට මුහුණ දීමට අවශ්‍ය දැනුම ලබාගත යුතුයි.
මේ රට බංකොළොත්ව පැවති සමයේ දී එම බංකොලොත්භාවයෙන් නිදහස් වීමෙන් පසුව අප රටක් ලෙස ඉදිරියට යන්නේ කෙසේද කියා මම සිතුවා. ඒ වගේම අපට අවශ්‍ය විදේශ විනිමය සොයා ගන්නේ කොහොමද කියන ප්‍රශ්නයක් තිබුණා. නව තාක්ෂණ දැනුම සමඟ ඩිජිටල් ආර්ථිකයකට අප කඩිනමින් ගමන් කළයුතු බව එහිදී අප තීරණය කළා. අප දැන් සිටම ඒ සඳහා කටයුතු කළයුතුයි.
කෘෂිකර්ම සහ ව්‍යාපාර ක්ෂේත්‍රය තුළට මෙන්ම පාසල් තුළට ඩිජිටල්කරණය ගෙන ඒමට ඒ අනුව අප පියවර ගෙන තිබෙනවා. ඒ, අනුව පාසල් සහ පිරිවෙන්වල මෙම සුහුරු පන්ති කාමර ඇති කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වගේම ග්‍රාමීය ප්‍රදේශවලට ද මෙහි ප්‍රතිලාභය ලබා දිය යුතුයි. ඒ වෙනුවෙන් ලංකාවට පැමිණ එම වැඩකටයුතු ආරම්භ කිරීමට මම ඊලෝන් මස්ක් මහතාට ආරාධනා කළා. දැන් ඒ සඳහා අවශ්‍ය බලපත්‍රය නිකුත් කර තිබෙනවා. හැකි උපරිම අයුරින් තාක්ෂණ දැනුම ගමට ගෙන යාමට අප අපේක්ෂා කරනවා. එය භාවිත කරමින් ඉදිරියට යාමට ඔබ සූදානම් විය යුතුයි.
කෘෂි නවීකරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ දී ඔබට මෙම තාක්ෂණ දැනුම භාවිතා කළ හැකියි. රට තුළ හරිත ආර්ථිතයක් සහ ඩිජිටල් ආර්ථිකයක් ඇති කළ යුතුයි. පසුගිය බදාදා AI තාක්ෂණය පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාදයක් තිබුණා. එහිදී බොහෝ කතිකයන් කථා කළේ ChatGPT වෙතින් කරුණු අරගෙනයි. පාර්ලිමේන්තුව දැන් එවන් තත්ත්වයකට පත්ව තිබෙනවා. අප මෙම තාක්ෂණය නිසි ලෙස ප්‍රයෝජනයට ගත යුතුයි.
ඒ, වගේම ඇතැම් විට මෙම තාක්ෂණය භාවිතයෙන් ආගමික කරුණු විකෘති කිරීමට හැකියාව තිබෙනවා. එම ත්ත්ත්වයන් වැළැක්වීමට අදාළ නිති කෙටුම්පත් අප මේ වන විට සකස් කරගෙන යනවා. ඒ වගේම මෙම නව තාක්ෂණය හඳුන්වාදිමේ දී ඉන්දියාවේ සහාය ලබා ගැනීමට ද අප තීරණය කර තිබෙනවා.ඒ වගේම තාක්ෂණය පදනම් කරගත් විශ්වවිද්‍යාල ඇති කිරීමට අප සැලසුම් කර තිබෙනවා. මෙම තාක්ෂණික දැනුමත් සමඟ නව ආර්ථික පරිවර්තනයක් රට තුළ ඇති කරමින් ඉදිරියට යාමට අප කටයුතු කරනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය නීති සකස් කිරීමට අප ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ සම්බන්ධව අප පාර්ලිමේතුවේ දී විවාද කළා. එහිදී විවිධ අදහස් පළ වුණා. අවසානයේ කිසිවෙකුගේ විරුද්ධත්වයකින් තොරව එය සම්මත වුණා. සියලුදෙනා එක්ව මෙම කටයුතු සිදු කිරීම පිළිබඳව මම පාර්ලිමේන්තුවේ සෑම දේශපාලන පක්ෂයකටම ස්තූතිවන්ත වෙනවා. ඒ පිළිබඳ ස්තූති කරමින් අප සියලුදෙනා එක්ව මෙම වැඩකටයුතු ඉදිරියට ගෙන යමු කියා ප්‍රකාශ කරනවා.
අද ඉන්දියාව, චීනය වැනි රටවල් වේගයෙන් ඩිජිටල්කරණයට ලක්ව තිබෙනවා. ඔවුන්ගේ මුදල් ගනුදෙණු සියල්ල සිදුවන්නේ ජංගම දුරක්ථනය භාවිතයෙන්. අපත් එම තත්ත්වයට පත්විය යුතුයි. එහිදී QR කේතය වැදගත් වෙනවා.
ඒ, පිළිබඳ ජනතාව දැනුවත් කර එම තාක්ෂණය ඔවුන්ට හඳුන්වාදිය යුතුයි. ඒ නිසා මෙම වැඩසටහන ඉතා වැදගත් බව ප්‍රකාශ කිරීමට කැමතියි. ඉදිරියේදී මේ රටේ ඕනෑම අයෙකුට ඉන්දියාව, චීනය, සිංගප්පූරුව ඇතුළු සියලු රටවල ආර්ථිකයන් සමඟ එක්ව වැඩකටයුතු කිරීමට අවස්ථාව සලසාදීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපි රුපියල ශක්තිමත් කළ යුතුයි.
ඒ, වගේම අපේ විදේශ සංචිතය ඉහළ නංවාගත යුතුව තිබෙනවා. එම වැඩකටයුතු මේ වන විට අප සිදු කරගෙන යනවා. මෙරට අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීම සමඟ අපට තිබෙන විදේශ විනිමය ප්‍රමාණය වැඩි වෙනවා. එවැනි විදේශ විනිමය සංචිතයක් සමඟ අපට කිසිඳු ගැටලුවකින් තොරව එම රටවල් සමඟ ගනුදෙණු කිරිමට අවස්ථාව ලැබෙනවා.
මෙම වැඩපිළිවෙළ සමඟ ඉදිරි වසර 10 තුළ මේ රටේ නවීන ආර්ථිකයක් ඇති කිරීමට හැකිවනු ඇතැයි අප විශ්වාස කරනවා. එය කොළඹට සීමා නොකර ගම්බද ප්‍රදේශවලටද ලබාදීමට කටයුතු කරනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38
Video thumbnail
වන අලි කරදර නිසා දඹුල්ලේ මිනිස්සු කුපිත වී මහ පාරට බහියි - වනජීවි එක සම්පූර්ණ බොරු බයිලා ග#හන්නේ
06:42
Video thumbnail
ඇඟිල්ලේ තීන්ත ආලේපනය අහෝසි කිරීම නිසා විශාල මුදලක් ඉතිරි කරන්න පුළුවන් - පැෆ්‍ රල් සංවිධානය කියයි
10:28
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
08:41:22
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා
00:46
Video thumbnail
හදිසියේම නාමල් හමුවූ ප්‍රබලයා
00:43
Video thumbnail
වෑන් රථයක් - ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර
00:41
Video thumbnail
මළපහ කරන පැකට් එකක් අරන් පාර්ලිමේන්තු ආ චාමර
01:01
Video thumbnail
ජයවර්ධනපුර රෝහල පාලනය කරන්නේ මාලිමාවේ විදුලි කාර්මිකයෙක්
01:11
Video thumbnail
යාළුකමට තවත් උදාහරන කුමරටද ? හඳවතට දැනෙන කතාවක්
01:36