‘පොලිස්පති මහජන සහන දිනය’ හෙට නොපැවැත්වේ (නිවේදනය)

‘පොලිස්පති මහජන සහන දිනය’ හෙට (26) දිනයේ දී නොපැවැත්වෙන බව නිවේදනය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කර ඇත්තේ; නොවැළැක්විය හැකි හේතුවක් මත මෙම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව සෑම සිකුරාදා දිනයක ම පැවැත්වෙන මෙම පොලිස්පති මහජන සහන දිනය හෙට දිනයේ දී නොපැවැත්වෙනු ඇති.

මේ අතර ඊයේ (24) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පති ධුරයේ කටයුතු කරමින් සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ රාජකාරියට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

ඒ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමි ඇතුළු පාර්ශ්ව 09ක් විසින් දේශබන්දු තෙන්නකෝන්ව පොලිස්පති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් ගත් තීරණයට එරෙහිව අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් ගැන දුන් තීරණයත් සමගයි.

එම පෙත්සම් ඊයේ දින විභාගයට ගැනුණු අතර; එහිදී අධිකරණය තීන්දු කළේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ රාජකාරි බලතල අක්‍රීය කරමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසටයි.

පෙත්සම්කරුවන් කියා සිටියේ ද දේශබන්දු තෙන්නකෝන් යනු පාස්කු ප්‍රහාරය සහ අරගලය අවධියේ දී චෝදනා ලැබ සිටින අයෙක් බවත්; එවන් අයෙකුව පොලිස්පති තනතුරට පත් කිරීම නීත්‍යනුකූල නොවන බවයි.

මෙවන් පසුබිමකදියි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය විසින් පොලිස්පති මහජන සහන දිනය නොපැවැත්වෙන බවට නිල වශයෙන් නිවේදනය කර ඇත්තේ.

මේ අතර ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයා විසින් ද හදිසි කැබිනට් මණ්ඩල සාකච්ඡාවක් ද කැඳවා පොලිස්පති ධුරයට වැඩ බලන පුද්ගලයෙකු හෝ පත් කිරීම පිළිබඳ ව සාකච්ඡා තබා තිබෙනවා.

එම තීන්දුව දින දෙකකින් ලබාදීමටයි තීරණය කෙරුණේ.

මේ අතර පොලිස්පතිවරයාට සිය ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ ලබා දුන් අතුරු තහනම් නියෝගය වහාම ක්‍රියාත්මක කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා.

police
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23