Empty Ad
Empty Ad
AFC Banner

‘පොලිස්පති මහජන සහන දිනය’ හෙට නොපැවැත්වේ (නිවේදනය)

‘පොලිස්පති මහජන සහන දිනය’ හෙට (26) දිනයේ දී නොපැවැත්වෙන බව නිවේදනය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කර ඇත්තේ; නොවැළැක්විය හැකි හේතුවක් මත මෙම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව සෑම සිකුරාදා දිනයක ම පැවැත්වෙන මෙම පොලිස්පති මහජන සහන දිනය හෙට දිනයේ දී නොපැවැත්වෙනු ඇති.

මේ අතර ඊයේ (24) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පති ධුරයේ කටයුතු කරමින් සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ රාජකාරියට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

ඒ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමි ඇතුළු පාර්ශ්ව 09ක් විසින් දේශබන්දු තෙන්නකෝන්ව පොලිස්පති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් ගත් තීරණයට එරෙහිව අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් ගැන දුන් තීරණයත් සමගයි.

එම පෙත්සම් ඊයේ දින විභාගයට ගැනුණු අතර; එහිදී අධිකරණය තීන්දු කළේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ රාජකාරි බලතල අක්‍රීය කරමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසටයි.

පෙත්සම්කරුවන් කියා සිටියේ ද දේශබන්දු තෙන්නකෝන් යනු පාස්කු ප්‍රහාරය සහ අරගලය අවධියේ දී චෝදනා ලැබ සිටින අයෙක් බවත්; එවන් අයෙකුව පොලිස්පති තනතුරට පත් කිරීම නීත්‍යනුකූල නොවන බවයි.

මෙවන් පසුබිමකදියි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය විසින් පොලිස්පති මහජන සහන දිනය නොපැවැත්වෙන බවට නිල වශයෙන් නිවේදනය කර ඇත්තේ.

මේ අතර ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයා විසින් ද හදිසි කැබිනට් මණ්ඩල සාකච්ඡාවක් ද කැඳවා පොලිස්පති ධුරයට වැඩ බලන පුද්ගලයෙකු හෝ පත් කිරීම පිළිබඳ ව සාකච්ඡා තබා තිබෙනවා.

එම තීන්දුව දින දෙකකින් ලබාදීමටයි තීරණය කෙරුණේ.

මේ අතර පොලිස්පතිවරයාට සිය ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ ලබා දුන් අතුරු තහනම් නියෝගය වහාම ක්‍රියාත්මක කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා.

police
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට 159ක් ඉද්දී - අපි මොකටද විපක්ෂයෙන් එන යෝජනාවලට ඡන්දෙ දෙන්නේ
02:44
Video thumbnail
හරි තීරණයක් ගන්න බැරි විපක්ෂයක් - මේ Voice Cut ඇහුවම අපිටත් මොලේ කචල්
01:23
Video thumbnail
කතානායක තනතුරෙන් විතරක් නෙවෙයි - හරිනම් ඇමතිකමෙනුත් අයින්වෙන්න ඕනි
01:29
Video thumbnail
සජබයෙන් හෙට සුපිරි චරිතයක් කතානායක පුටුවට
04:14
Video thumbnail
රුපියල් 100වතුර බෝතලය ළඟදිම රුපියල් 40ට - පාරිබෝගිකයාට වාසි රැසක් සැලසෙන ක්‍රමයක්
04:10
Video thumbnail
සහල් ප්‍රශ්නයට විසඳුම වසන්ත දෙයි - ඉදිරියේද් ප්‍රශ්න ඇති නොවෙන්න වගබලා ගන්නවා #wasanthasamarasinghe
05:17
Video thumbnail
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය උප ජනාධිපතිවරයා අතර හමුවක්
00:41
Video thumbnail
අපි කතානායක පත්කරන්නේ Digree බලලා
02:20
Video thumbnail
ආචාර්ය පට්ටමෙන් හාගත්තු - ආණ්ඩුවට සජබයෙන් පිළිතුරු
04:09
Video thumbnail
ආණ්ඩු පක්ෂයෙන් කාතානායක කෙනෙක් දැම්මෙ නැතොත් අපි කෙනෙක් දානවා
02:15

?