සුළි කුණාටු තර්ජන මැද්දේ පිලිපීනයේ තෙල් නැවකුත් මුහුදුබත් වෙයි

ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ විශාල නෞකාවක් මුහුදුබත් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙලෙස අනතුරට ලක් ව ඇත්තේ පිලිපීන ධජය සහිත MT Terra Nova නම් නෞකාව යි.

මෙම නෞකාව මුහුදුබත් ව ඇත්තේ පිලිපීනයට ආසන්න මුහුදු කලාපයේ දී බවත් වාර්තා වනවා.

මෙහි කර්මාන්ත සඳහා යොදා ගන්නා ඉන්ධන ලීටර් මිලියන 1.5ක් ප්‍රවාහනය කරමින් තිබුණු බවයි වාර්තා වන්නේ.

නෞකාවේ ඉන්ධන කාන්දු වී මේ වනවිට නෞකාව මුහුදුබත් වූ කලාපය අවට විශාල තෙල් පැල්ලම් දක්නට ලැබෙන බව ද වාර්තා වනවා.

නැව අනතුරට ලක් වන විට කාර්‍යය මණ්ඩලයේ 17 දෙනෙකු සිට ඇති අතර; ඉන් 16 දෙනෙකු ගලවාගෙන තිබෙනවා.

එහෙත් එක් අයෙකු අතුරුදන් ව ඇති බවයි පැවසෙන්නේ.

පිලිපීන රජයේ ප්‍රවාහන ලේකම් Jaime Bautista සඳහන් කළේ අතුරුදන් වූ නාවිකයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

මෙම නෞකාවෙන් ගෙන ගිය ඉන්ධන කාන්දු වීමක් වාර්තා වුව ද, පවතින අයහපත් කාලගුණ තත්ත්වය මත ඒ පිළිබඳ ව සොයා බැලීම දැඩි අසීරු මට්ටමක පවතින බව ද වාර්තා වනවා.

මේ වනවිට තායිලන්තය, පිලිපීනය වැනි රටවල් කිහිපයකට අයහපත් කාලගුණික තත්ත්වයක් බලපා ඇති අතර; Gaemi සුළි කුණාටුව හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ද ඇති ව තිබෙන පසුබිමකයි මෙවන් ව්‍යසනයක් එල්ල වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?