සුළි කුණාටු තර්ජන මැද්දේ පිලිපීනයේ තෙල් නැවකුත් මුහුදුබත් වෙයි

ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ විශාල නෞකාවක් මුහුදුබත් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙලෙස අනතුරට ලක් ව ඇත්තේ පිලිපීන ධජය සහිත MT Terra Nova නම් නෞකාව යි.

මෙම නෞකාව මුහුදුබත් ව ඇත්තේ පිලිපීනයට ආසන්න මුහුදු කලාපයේ දී බවත් වාර්තා වනවා.

මෙහි කර්මාන්ත සඳහා යොදා ගන්නා ඉන්ධන ලීටර් මිලියන 1.5ක් ප්‍රවාහනය කරමින් තිබුණු බවයි වාර්තා වන්නේ.

නෞකාවේ ඉන්ධන කාන්දු වී මේ වනවිට නෞකාව මුහුදුබත් වූ කලාපය අවට විශාල තෙල් පැල්ලම් දක්නට ලැබෙන බව ද වාර්තා වනවා.

නැව අනතුරට ලක් වන විට කාර්‍යය මණ්ඩලයේ 17 දෙනෙකු සිට ඇති අතර; ඉන් 16 දෙනෙකු ගලවාගෙන තිබෙනවා.

එහෙත් එක් අයෙකු අතුරුදන් ව ඇති බවයි පැවසෙන්නේ.

පිලිපීන රජයේ ප්‍රවාහන ලේකම් Jaime Bautista සඳහන් කළේ අතුරුදන් වූ නාවිකයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

මෙම නෞකාවෙන් ගෙන ගිය ඉන්ධන කාන්දු වීමක් වාර්තා වුව ද, පවතින අයහපත් කාලගුණ තත්ත්වය මත ඒ පිළිබඳ ව සොයා බැලීම දැඩි අසීරු මට්ටමක පවතින බව ද වාර්තා වනවා.

මේ වනවිට තායිලන්තය, පිලිපීනය වැනි රටවල් කිහිපයකට අයහපත් කාලගුණික තත්ත්වයක් බලපා ඇති අතර; Gaemi සුළි කුණාටුව හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ද ඇති ව තිබෙන පසුබිමකයි මෙවන් ව්‍යසනයක් එල්ල වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40
Video thumbnail
වැරදි කරපු අය ආවේ නැති වුණාට කමක් නෑ..අපේ ගොඩට ගන්න සූදානම් නෑ
03:22
Video thumbnail
24 වෙනිදා රටම හොල්ලන සජබයේ උද්ඝෝෂණය ගැන ප්‍රබලයෙක් හෙළිකරයි
04:50
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:06:37
Video thumbnail
සාක්ෂි ගැන අහද්දි සජබ රෝහණට උත්තර නැතිවුණාද ?මෙතන කියන්න බෑ...මාව අපහසුතාවයට පත් කරන්න එපා
01:11
Video thumbnail
පැරදුණත් යන්නේ නැති තැන් මේ - කළින් හිටියේ පිල් මාරු කරපු මන්ත්‍රීවරයෙක්..දැන් හොරකම් කරන්නේ නෑ
02:37
Video thumbnail
විනිසුරුවරුන් සෙට් එකම මැ#ණොත් කොහොමද නඩු වේගවත් කරන්නේ ?නඩු ඉවර කර ගන්න සජබයෙන් දුන් විකල්ප
02:14
Video thumbnail
අපි සදාකාලිකව දේශපාලනයේ ඉන්නේ නෑ - පැරදුණොත් එළියේ..මේ යන්නේ ඒකාධිපති ගමන් මාර්ගයක්
08:58
Video thumbnail
පන්දම් අරගෙන ලිප්ටන් වට රවුම වටලයි
00:42