ඇන්ජිගේ T20 ගමන නවතියි ? – උපුල් තරංගගෙන් විශේෂ ප්‍රකාශයක් (වීඩියෝ)

එළඹෙන වසරේ පැවැත්වෙන (2025) පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජිලෝ මැතිව්ස්ගේ එක් වීමක් සිදු නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග පවසනවා.

අද (24) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනුයි සභාපතිවරයා මේ බව සඳහන් කළේ.

මාධ්‍යවේදියෙකු උපුල් තරංගගෙන් විමසා සිටියේ ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ ද විශිෂ්ට අන්දමින් තරග අවසන් කරන්නෙකු ලෙස දැකිය හැකි වූ ඇන්ජිලෝ මැතිව්ස් මෙම සතියේ ආරම්භ වීමට නියමිත ඉන්දීය T20 තරගාවලිය සඳහා එක් නොකර ගත්තේ මන්ද යන්නයි.

එම අවස්ථාවේදී උපුල් තරංග සඳහන් කළේ; තමන් ඇතුළු ක්‍රිකට් තේරීම් කමිටුව ද මීට පෙර ඇන්ජිලෝ මැතිව්ස් සමග ඔහුගේ T20 ක්‍රිකට් ජීවිතයේ ඉදිරිය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත්; ඉදිරි ලෝක කුසලානයට ඇන්ජිව එක් කරගැනීමට අදහසක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සතුව නැති බවයි.

නවක ක්‍රීඩකයින් හට අවස්ථාවක් ලබාදීම වෙනුවෙන් සහ ඔවුන් ව ලබන වසරේ T20 ලෝක කුසලානයට සූදානම් කරවීම වෙනුවෙන් මෙම බැරෑරුම් තීරණය ගෙන ඇති බව ද හෙතෙම පැවසුවා.

එමෙන්ම ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ දී ඇන්ජලෝ මැතිව්ස් දැක්වූ දක්ෂතා ගැන ද සහාපති උපුල් තරංග ප්‍රශංසා කළ අතර; ඔහු සතු තුන් ඉරියව් දක්ෂතා සංචිතයෙන් ගැලවීම මහත් හිස්තැනක් සේ දකින බවත්; ඊට කඩිනමින් විසඳුම් සෙවීමට නවක ක්‍රීඩකයින් ව හුරු කරවීම අවශ්‍ය බවත් ඔහු මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09
Video thumbnail
චීවරය ගැන කට ඇරිය රාජිත - බුදුහාමුදුරුවෝ ගියේ නෑ රාජමාළිගාවලට..විලිලැජ්ජා නැති කතාද මේ
05:21
Video thumbnail
රාජ්‍ය බැංකුවේ මුදල් පෞද්ගලික ගිණුමට දාගත්ත පුද්ගලයට වසර 35ක සිරදඬුවම්
02:20
Video thumbnail
මහ රෑ නිවසට කඩා පැන්න අලියා කරපු දේ - පලයන් අප්පච්චි මගේ..පලයන් - හොඳ දෙයියනේ..
03:51