AFC Banner
Empty Ad
Empty Ad

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ගිනි ගනියි – ගින්න නිවන්න ගිය අයෙකුත් රෝහලට (වීඩියෝ)

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක් හටගෙන ඇති බව කළුතර දකුණ පොලිසිය පවසනවා.

මෙම ගින්න අද (24) පෙරවරුවේ හටගෙන ඇත්තේ; දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ 06 මහල් ගොඩනැගිල්ලේ බිම් මහලේ විදුලි පද්ධතිය සම්බන්ධ ස්ථානයෙන් බවයි වාර්තා වන්නේ.

කළුතර මහ නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් යොදා ගින්න පාලනය කරමින් සිටින බවත් වාර්තා වනවා.

මේ හේතුවෙන් ආරක්ෂිත ව ගොඩනැගිල්ලේ කාර්‍යය මණ්ඩලය එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව ද අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

මෙම ගින්න විදුලි කාන්දුවක් නිසා හටගෙන ඇති බවට මේ වනවිට තහවුරු කරගෙන ඇති අතර, මෙම ගින්න පාලනය කිරීම සඳහා ගිය ගිනි නිවන හමුදා භටයකු හුස්ම හිරවීමේ තත්ත්වයක් මත රෝහල්ගත කිරීම සිදුවීමක් ද වාර්තා වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?