වැලි වළකට වැටී හත් හැවිරිදි දරුවෙක් මරු තුරුලට ගිහින්

පිටිගල පොලිස් වසමේ පොරවගම, නාරංඕවිට ප්‍රදේශයේ වැලි වළකට වැටීමෙන් අවුරුදු 07ක පිරිමි දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දරුවා ඊයේ (21) හවස මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම දරුවා සිය පියා සමඟ ඊයේ (21) සවස වැලි කැනීම් සිදුකරන ස්ථානයට ගොස් ඇති අතර, පසුව පියා විසින් දරුවාව යළි නිවසට ඒවා තිබෙනවා.

කෙසේ වෙතත් දරුවා යළි නිවසට නොපැමිණීම හේතුවෙන් සිදුකළ සොයා බැලීමේ දී දරුවා වැලි වළක වැටී සිටිය දී හමුවී ඇති බවයි වාර්තා වුණේ.

අනතුරුව දරුවා වහාම ඉන් ගොඩටගෙන ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වනවිටත් දරුවා ජීවිතක්ෂයට පත්ව සිටි බවයි වාර්තා වන්නේ.

මළසිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඇල්පිටිය මූලික රෝහලේ දී පැවැත්වීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධව පිටිගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41