සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීමට ජනපතිගෙන් විදේශ රැකියා නියෝජිත ආයතන වෙත ආරාධනයක්

මැද පෙරදිග රටවල් ඇතුළු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යොමු කෙරෙන රටවල සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමේ නව ව්‍යාපාර අවස්ථා සඳහා විදේශ රැකියා නියෝජිත ආයතන අවධානය යොමු කරන්නේ නම් සංචාරක අමාත්‍යාංශය හරහා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසාදිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කුරුණෑගල එපිටොම් හෝටල් පරිශ්‍රයේ ඊයේ (21) පැවති “අභිමන් 2024” උත්සවයට එක්වෙමින්.

මෙරට ආර්ථිකය වෙනුවෙන් පුළුල් දායකත්වයක් ලබාදෙන විදේශ රැකියා නියෝජිත ආයතන අගයමින් සහතික පත් හා සමරු තිළිණ ප්‍රදානය කිරීම මෙහි දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් සිදුවුණා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ,

“මම ජනාධිපති ධූරය භාරගෙන වසර දෙකක් සම්පූර්ණ වන මේ අවස්ථාවේ ඔබට ස්තූති කළ යුතුයි. එදා ඔබ රටට මුදල් උපයා දුන්නේ නැත්නම් අද රට මෙවන් තත්ත්වයකට ගෙන ඒමට හැකියාව ලැබෙන්නේ නැහැ. වසර දෙකකට පෙර අප සිටියේ අසීරු තත්ත්වයකයි. පැවති ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට හැකි වනු ඇතැයි කිසිවෙකු විශ්වාස කළේ නැහැ. නමුත් ජනතාව සමඟ එක්ව මේ රට ගොඩගැනීමට හැකි බව මම විශ්වාස කළා. වෙනත් රටවල්වල මෙන් නොව වසර දෙකක් ගතවීමට පෙර අප එම වැඩ කටයුත්ත අවසන් කර තිබෙනවා.
අප පැමිණියේ දුෂ්කර ගමනක් බව ඔබ දන්නවා. බොහෝ දෙනෙක් සිතුවේ අපේ රටට අනාගතයක් නැහැ කියලයි. කර්මන්ශාලා පවත්වාගෙන යාමට ඉන්ධන තිබුණේ නැහැ. රටට සංචාරකයන් පැමිණියේ නැහැ. අපි විදේශ ශ්‍රමිකයන් එවු මුදල් වලින් තමයි රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙළ ආරම්භ කළේ.
අනාගතයට මුහුණ දිය හැකි බවට විශ්වාසයක් දැන් අප තුළ තිබෙනවා. ලොව බොහෝ රටවල් අපෙන් අහනවා මේ දේ කළේ කොහොමද කියලා. අපි බංග්ලාදේශයේ ණය ආපසු ගෙවා තිබෙනවා. අද වන විට බංග්ලාදේශය තුළ නොසන්සුන් තත්ත්වයක් ඇති වී තිබෙනවා. අපට අපට දුෂ්කර අවස්ථාවේ සහාය වූ එම රට තුළ නැවත සාමය සහ ස්ථාවරත්වය ඇති වේවා කියා ප්‍රාර්ථනා කරනවා.
අප දැන් ඉදිරිගමන ගැන සිතිය යුතුයි. අපේ රට අපනයන ආර්ථිකයක් බවට පරිවර්තනය කළ යුතුයි. ඒ වගේම විදේශගත වන ශ්‍රමිකයන්ගේ නිපුණතාවන් වර්ධනය කරමින් ඔවුන්ට අවශ්‍ය පුහුණුව ලබාදීමට විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළයුතුයි. එවිට ඔවුන්ට හොද රැකියා අවස්ථා සඳහා යොමු වී වැඩි ආදායමක් ලබාගැනීමට හැකිවෙනවා. එය එම පුද්ගලයන්ට මෙන්ම රටටත් හොඳ තත්ත්වයක් බව කිව යුතුයි.
වසර 02ක් අප දුක් වින්දා.වසර දෙකක් ඔබේ සහාය ඇතිව මම මේ රට ඉදිරියට ගෙන ආවා. එහි ප්‍රතිලාභ ඔබට හිමි විය යුතුයි. එසේනම් අප සියලුදෙනා එක්ව අලුත් ආර්ථිකයක් ගොඩනැඟිය යුතුයි. ඒ සඳහා අප සියලුදෙනා එක්වී කැපවී කටයුතු කරමු.
අපේ ශ්‍රමිකයන් බඳවා ගන්නා රටවල තිබෙන ව්‍යාපාර අවස්ථා ඇතැම් විට ඔබට ලංකාවට ගෙන ඒමට හැකි වනු ඇතැයි කියා මම විශ්වාස කරනවා. අද එම අවස්ථාව විශාල වශයෙන් හිමිව ඇත්තේ මැද පෙරදිග රටවලයි. ලංකාවේ ශ්‍රමිකයින් එම රටවලට යැවීමට හැකිනම් එම රටවල සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනිමට අපට හැකි විය යුතුයි. සංචාරක අමාත්‍යාංශය සමඟ එක්ව ඔබට ඒ සඳහා කටයුතු කළ හැකියි. එවිට ඔබේ ව්‍යාපාර තවදුරටත් පුළුල් වෙනවා. එම කටයුතු සඳහා ඔබට රජයේ සහයෝගය ලබාදීමට අපට පුළුවන්.
ඒ, වගේම එම රටවලට අවශ්‍ය ආහාර සැපයීමට අපට හැකියාවක් තිබේනම් ඒ සඳහා ද රජයේ සහයෝගය ලබාදිය හැකි බව දැනුම්දීමට කැමතියි. අපි අලුතින් සිතා අලුත් ගමන යා යුතුයි. එක තැන සිර වෙන්න බැහැ. ඒ වගේම රටේ ඉදිරි න්‍යාය පත්‍රය සකස් කරන්නේ දේශපාලනඥයන් නොවන බව ද සිහිපත් කරමින් ඔබේ ඉදිරි කටයුතු වෙනුවෙන් මගේ සුබපැතුම් පළ කරනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51