AFC Banner
Empty Ad
Empty Ad

බංග්ලාදේශයේ විරෝධතා තවත් උග්‍ර අතට – 105ක් මිය ගිහින් (ඡායාරූප)

මහජන රැස්වීම් තහනම් කර තිබියදීත්, රජයේ රැකියා කෝටාවන්ට එරෙහිව බංග්ලාදේශ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් විසින් දියත් කරන ලද විරෝධතා මර්දනය කිරීම දී මේ වනවිට පුද්ගලයින් 106 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වනවා.

එමෙන්ම 2,500කට ආසන පිරිසක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර රට පුරා ඇඳිරි නීතිය පැනවීමට සහ හමුදාව යෙදවීමට බංග්ලාදේශ රජය තීරණය කර තිබෙනවා.

මෙම ගැටුම්කාරී තත්ත්වයත් සමඟ ඊයේ දියේ දී එරට විදුලි සංදේශ කටයුතු අඩාල වූ අතර, රූපවාහිනී ප්‍රවෘත්ති නාළිකා විකාශනය ද අත්හිටුවා ඇති බව සඳහන්.

මෙම නොසන්සුන්තාව සමනය කිරීමට බලධාරීන් පෙරේදා දිනයේ දී ජංගම දුරකථන සේවා කිහිපයක් ද අත්හිටුවීමට කටයුතු කර තිබෙනවා.

මේ අතර Facebook සහ WhatsApp වැනි සමාජ මාධ්‍ය වේදිකා ද අඩපනව ඇති අතර, එරට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඔවුන්ගේ දත්ත මධ්‍යස්ථානයට විරෝධතාකරුවන් විසින් ප්‍රහාරයක් එල්ල කර, උපකරණවලට ගිනි තැබීමෙන් පසු සේවය සහතික කිරීමට නොහැකි වූ බවයි.

එමෙන්ම ශිෂ්‍ය විරෝධතා අතර තුර ඝාතනයට ලක්වූවන් වෙනුවෙන් අවමංගල්‍ය යාඥා පවත්වන ලෙස විරෝධතාවල නිරත පිරිස් මුස්ලිම් පල්ලිවලින් ඉල්ලා තිබෙනවා.

මේ අතර මෙම විරෝධතා තත්ත්වයත් සමඟ උසස් අධ්‍යාපනය සඳහා බංග්ලාදේශයට ගොස් සිටින ඉන්දීය සිසුන් 300 කට අධික සංඛ්‍යාවක් දේශසීමා හරහා ඉදියාවට පැමිණීමට කටයුතු කර ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

මෙම විරෝධතා තත්ත්වය වසර 15ක බලයෙන් පසුව අගමැතිනි ෂේක් හසීනාගේ ඒකාධිපති ආණ්ඩුවට දැවැන්ත අභියෝගයක් එල්ල කර තිබෙනවා.

methode times prod web bin 4dedcd6c 0dab 451f a2d0 4830e747feed
a4f776049de96b46f0006d622d412b17faceabe0
6699d4eece34d.image
1210896 4507856 Bangladesh1 updates
Bangladesh 1
bangladesh protest 1721388745858 16 9
3mat8d78 bangladesh
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
5
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?