බංග්ලාදේශයේ විරෝධතා තවත් උග්‍ර අතට – 105ක් මිය ගිහින් (ඡායාරූප)

මහජන රැස්වීම් තහනම් කර තිබියදීත්, රජයේ රැකියා කෝටාවන්ට එරෙහිව බංග්ලාදේශ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් විසින් දියත් කරන ලද විරෝධතා මර්දනය කිරීම දී මේ වනවිට පුද්ගලයින් 106 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වනවා.

එමෙන්ම 2,500කට ආසන පිරිසක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර රට පුරා ඇඳිරි නීතිය පැනවීමට සහ හමුදාව යෙදවීමට බංග්ලාදේශ රජය තීරණය කර තිබෙනවා.

මෙම ගැටුම්කාරී තත්ත්වයත් සමඟ ඊයේ දියේ දී එරට විදුලි සංදේශ කටයුතු අඩාල වූ අතර, රූපවාහිනී ප්‍රවෘත්ති නාළිකා විකාශනය ද අත්හිටුවා ඇති බව සඳහන්.

මෙම නොසන්සුන්තාව සමනය කිරීමට බලධාරීන් පෙරේදා දිනයේ දී ජංගම දුරකථන සේවා කිහිපයක් ද අත්හිටුවීමට කටයුතු කර තිබෙනවා.

මේ අතර Facebook සහ WhatsApp වැනි සමාජ මාධ්‍ය වේදිකා ද අඩපනව ඇති අතර, එරට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඔවුන්ගේ දත්ත මධ්‍යස්ථානයට විරෝධතාකරුවන් විසින් ප්‍රහාරයක් එල්ල කර, උපකරණවලට ගිනි තැබීමෙන් පසු සේවය සහතික කිරීමට නොහැකි වූ බවයි.

එමෙන්ම ශිෂ්‍ය විරෝධතා අතර තුර ඝාතනයට ලක්වූවන් වෙනුවෙන් අවමංගල්‍ය යාඥා පවත්වන ලෙස විරෝධතාවල නිරත පිරිස් මුස්ලිම් පල්ලිවලින් ඉල්ලා තිබෙනවා.

මේ අතර මෙම විරෝධතා තත්ත්වයත් සමඟ උසස් අධ්‍යාපනය සඳහා බංග්ලාදේශයට ගොස් සිටින ඉන්දීය සිසුන් 300 කට අධික සංඛ්‍යාවක් දේශසීමා හරහා ඉදියාවට පැමිණීමට කටයුතු කර ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

මෙම විරෝධතා තත්ත්වය වසර 15ක බලයෙන් පසුව අගමැතිනි ෂේක් හසීනාගේ ඒකාධිපති ආණ්ඩුවට දැවැන්ත අභියෝගයක් එල්ල කර තිබෙනවා.

methode times prod web bin 4dedcd6c 0dab 451f a2d0 4830e747feed
a4f776049de96b46f0006d622d412b17faceabe0
6699d4eece34d.image
1210896 4507856 Bangladesh1 updates
Bangladesh 1
bangladesh protest 1721388745858 16 9
3mat8d78 bangladesh


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20