AFC Banner
Empty Ad
Empty Ad

හරීන් තරුණ සේවා සභාව යොදාගෙන සිදු කළ මුදල් අවභාවිත කිරීමක් ගැන හෙළිවෙයි (වීඩියෝ)

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් ජාතික තරුණ සේවා සභා⁣ව යොදා ගනිමින් රටේ මහජනතාවගේ කෝටි ගණන් මුදල් අවභාවිතා කරමින් සංගීත සංදර්ශන මුවාවෙන් ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් ප්‍රචාරණ ව්‍යාපෘතියක් රට පුරා සිදු කරගෙන යන බව මන්ත්‍රී වසන්ත යාපාබණ්ඩාර චෝදනා කරනවා.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ අද (19) උදෑසන ජාතික තරුණ සේවා සභාවේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂවරයා හමුවීමට ගිය අවස්ථාවේ දී යි.

එහිදී හැටන් සහ දඹුල්ල ප්‍රදේශවල සංගීත සංදර්ශන සම්බන්ධයෙන් කරුණු විමසා සිටි අතර ඉදිරියේ දි මෙවැනි නාස්තිකාර වියදම් සිදු නොකර තරුණ සංවර්ධනය වෙනුවෙන් සිදු කළ යුතු අත්‍යවශ්‍ය කටයුතුවලට පමණක් මහජන බදු මුදල් වැය කරන මෙන් ලිපියක් මගින් ද ඉල්ලා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
3
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?