පෙරලුණු තෙල් නැවේ 09ක් බේරා ගැනේ – ඒ අතර එක් ලාංකිකයෙකුත්

ඕමාන් වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ දී තෙල් රැගත් නෞකාවක් පෙරළීමෙන් සිදු වූ අනතුරින් මේ වනවිට (17) පුද්ගලයින් 09 දෙනෙකු බේරාගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ; MT Prestige Falcon නමැති මැරීන් ට්‍රැෆික් සමාගමට අයත් මෙම ඉන්ධන ප්‍රවාහනය කෙරෙන නෞකාව පෙරළීමෙන් පුද්ගලයින් 16 දෙනෙකු අතුරුදන් වූ බවයි.

එම අතුරුදන් වූවන් 16 දෙනාම අදාළ ඉන්ධන නෞකාවේ සේවය කළ කාර්‍යය මණ්ඩලය බවටත් තොරතුරු වාර්තා වුණා.

කෙසේවෙතත් ඕමාන් නාවික හමුදාව සහ සෙසු ආරක්ෂක අංශවල දැඩි මෙහෙයුමකින් අනතුරුව මෙම කාර්‍යය මණ්ඩලයේ සාමාජිකයින් 16 දෙනෙකුගෙන් 09 දෙනෙකු බේරා ගැනීමට හැකි ව ඇතැයි සඳහන්.

මෙම බේරාගත් සාමාජිකයින් 09 දෙනා අතර ශ්‍රී ලාංකිකයෙක් සහ ඉන්දියානුවන් 08 දෙනෙකු ද සිටිනවා.

MT Falcon Prestige නම් නෞකාව කොමරෝස් ධජය යටතේ සිය ගමන් කටයුතු සිදු කරන අතර එය ඕමානයේ Duqn වරාය නගරයට ආසන්නයේ Ras Madrakah සිට නාවික සැතපුම් 25ක් ගිනිකොන දෙසින් පෙරළී අනතුරට ලක් වුණා.

කෙසේවෙතත් මෙම අතුරුදන් වූ 16 දෙනාගෙන් 09 දෙනෙකු බේරා ගැනුණ ද, තවත් 07 දෙනෙකු සොයා විමර්ශන කටයුතු ක්‍රියාත්මක අතර; එම පිරිස අතර ද තවත් ලාංකිකයින් දෙදෙනකු සිටින බවටත් වාර්තා වනවා.

මෙම ඉන්ධන නෞකාවේ සිටි කාර්යය මණ්ඩල සාමාජිකයින් පිළිබඳ ව විස්තරයක් ද අදාළ සමාගම විසින් මාධ්‍යයට මුදා හැර තිබෙනවා.

Capture
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
13
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝඹුරු ඇල්ල රක්ෂිතයේ හදිසියේම ඇතිවූ විශාල ගින්න - හතර වටේටම පැතිර යන අයුරු
01:37
Video thumbnail
ජනාධිපතිට තව මාස 23යි තියෙන්නේ - රටට අබසරණයි
09:42
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට එයි - කට්ටිය ගෝඨාභයව වටකරගයි
00:36
Video thumbnail
සජිත් නැගිටිලා ආණ්ඩුවට දැනෙන්න සැරටම කියයි
12:06
Video thumbnail
කැසිනෝ නිසා හර්ෂට යකා නගියි - කැසිනෝ ගැ#වත් එකයි නැතත් එකයි..
08:16
Video thumbnail
හර්ෂ පාර්ලිමේන්තුවේ කළ ප්‍රබල හෙළිදරව්ව - TIN එක වෙනුවට දාලා තියෙන්නේ තිතක්
06:27
Video thumbnail
ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක වැ#දී බිහිසුණු අනතුරක් - රියදුරුට සහ සහයකයාට බරපතළයි
00:46
Video thumbnail
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු මාර ගස ඉවත් කරයි - ගමනාගමනය යථා තත්ත්වයට
01:10
Video thumbnail
"මඟුලක් කියවන්න එපා...ඔයා මහත්තයෝ බූ#රුවා"සෆාරි රියදුරන්ට සත්තම දැම්ම පුද්ගලයා..
01:29
Video thumbnail
හෝමාගම ගින්නෙන් දිවි අහිමි වූ දමයන්තිගේ සිරුර නිවසට රැගෙන එයි - පවුලේ අය හඬා වැටෙයි
01:23