AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලාංකිකයින්ට වීසා නැතිව තායිලන්තයේ රැඳෙන්න අවස්ථාවක්

ශ්‍රී ලාංකිකයින් හට ලබන සඳුදා (22) සිට වීසා රහිත ව තායිලන්තයට ගමන් කිරීමේ හැකියාව ලැබෙන බවට තොරතුරු වාර්තා වනවා.

මෙම අවස්ථාව හිමිවීමත් සමග තවත් රටවල් 92ක වැසියන් සමග ශ්‍රී ලාංකිකයින් හට වීසා රහිත ව දින 60ක කාලයක් තායිලන්තයේ රැඳී සිටීමේ අවස්ථාව හිමිවනු ඇති.

ඊට අමතර ව මෙම දින 60 කාල සීමාව තවත් දින 30කින් දීර්ඝ කළ හැකි වුව ද; එය තායි ආගමන හා විගමන පාලකගේ අභිමතය මත සිදුවන බවයි අද (17) කොළඹ තායි තානාපති කාර්යාලය නිවේදනය කළේ.

තායි රජය මෙය ක්‍රියාත්මක කර ඇත්තේ විජාතික සංචාරකයින් එම රට තුළට වැඩි වැඩියෙන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් බව ද එම නිවේදනයේ සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
8
+1
2
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?