Update – 06 හැවිරිදි දරුවාට අමානුෂික වූ සිද්ධියට කතුන් සිව්දෙනෙක් අල්ලයි (වීඩියෝ)

සමාජ මාධ්‍ය ජලාවල මේ වනවිට සැරිසරන කුඩා පිරිමි දරුවෙක්ට පහරදෙන අයුරු දැක්වෙන සිද්ධියට අදාළව සැකකාරියන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අරණායක පොලිසිය විසින් අද (17) පෙරවරුවේ මෙම සැකකාරියන් අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාරිය අතර දරුවාගේ මව, මිත්තණියන් දෙදෙනෙක් සහ තවත් කාන්තාවක් වනවා.

හය හැවිරිදි දරුවාගේ මිත්තණියන් දෙදෙනා විසින් මෙම අමානුෂික පහරදීම සිදුකර ඇති අතර, දරුවාගේ මව සහ අනෙක් කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ පහරදීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන්.

අත්අඩංගුවට ගැනුණු සැකකාරියන් හතරදෙනා අද (17) මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

දරුවා අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.