AFC Banner
Empty Ad
Empty Ad

වාසුගෙන් නිරෝෂන්ට ඔටුන්නක් ලැබෙයි (වීඩියෝ)

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකත්වය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න හට හිමි ව තිබෙනවා.

මෙම තනතුර අද (16) එම පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර විසිනුයි ප්‍රදානය කර ඇත්තේ.

පක්ෂයේ නව නායකත්වය නිරෝෂන් ප්‍රේමරත්නට පිරිනමමින් වාසුදේව මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ රටේ පවතින ආර්ථික අර්බුදවලට විසඳුම් සෙවීමට නම් ජන පදනමක් එකතු කරමින් අලුත් නායකත්වයකට අවසර දිය යුතු බවත්; ඊට සුදුස්සා නිරෝෂන් ප්‍රේමරත්න බවයි.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නව නායකත්වයට පත් වෙමින් නිරෝෂන් ප්‍රේමරත්න සඳහන් කළේ තම දේශපාලන දිවිය 2020 වසරේ දී අවසන් වූ බවට තමන් සිතූ බවයි.

කිසිදු අයුරකින් යළිත් දේශපාලන පක්ෂයකට එක් නොවීමට තීරණය කළ බවත්; එවන් අවස්ථාවක දී වාසු සහෝදරයා තමන්ට දූරකථන ඇමතුමකින් මෙම ආරාධනය කළ බව ද හෙතෙම සඳහන් කළා.

තමන්ගේ සහ වාසුදේව සහෝදරයාගේ අදහස් එක වගේ බවත්; එබැවින් රට නව ගමනකට සූදානම් කරවීමේ වගකීම තමන් භාරගත් බව ද නිරෝෂන් ප්‍රේමරත්න කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
8
+1
0
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48

?