AFC Banner
Empty Ad
Empty Ad

ත්‍රස්තවාදයට එරෙහි ව පාකිස්තානය අලුත් සටනක් අරඹයි

අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්ගේ ප්‍රධානත්වයෙන් පකිස්තානයේ පැවති ඉහළ පෙළේ රැස්වීමක දී Azm-e-Istehkam මෙහෙයුමට කොළ එළියක් ලබා දී තිබෙනවා.

ඒ අනුව අන්තවාදයේ සහ ත්‍රස්තවාදයේ තර්ජන විස්තීර්ණ හා තීරණාත්මක ආකාරයකින් සටන් කිරීමට නිල වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික හා හමුදා ක්‍රියාමාර්ග ගැනෙනු ඇති.

Azm-e-Istehkam මෙහෙයුම යනු 2024 ජුනි මාසයේ දී පකිස්ථාන රජය විසින් දියත් කරන ලද අන්තවාදී ක්‍රියාකාරකම් මර්දන මෙහෙයුමක්.

මෙම මෙහෙයුමට මිලිටරි ක්‍රියාමාර්ග පමණක් නොව, අන්තවාදය වැලැක්වීම සඳහා සමාජ-ආර්ථික ප්‍රතිසංස්කරණ ද ඇතුළත්.

කෙසේ වෙතත් මෙහි අරමුණ පාකිස්තානයේ වෙසෙන චීන පුරවැසියන්ට සහ චීන සංවර්ධන ව්‍යාපෘතිවලට පසුගිය කාලයේ එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් කනස්සල්ලට පත්ව සිටින චීනයට ආරක්ෂාව පිළිබඳ සහතිකයක් ලබා දීම බව ඉස්ලාමාබාද් හි ඉහළ පෙළේ මූලාශ්‍ර පවසනවා.

මේ වසරේ පළමු භාගයේ ත්‍රස්තවාදය හා සම්බන්ධ ජීවිත හානි තුන්සියයක් වාර්තා වී තිබෙනවා.

ත්‍රස්ත ප්‍රහාර වැඩිවීම සම්බන්ධයෙන් ගැන ඉස්ලාමාබාද් චෝදනා කරන්නේ අසල්වැසි ඇෆ්ගනිස්ථානයේ සිය කඳවුරු ඇති බව පැවසෙන Tehrik-e-Taliban සංවිධානයටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?